Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



(2012 අගෝස්තු 25 පැවැත්වෙන, "11 වැනි පැය" සාමූහික කාව්‍ය සංග්‍රහය එළිදැක්වීමේ ඉසව්ව පිළිබඳ එය සංවිධානය කරන සොයුරු සොයුරියන් විසින් එවන ලද හඳුන්වාදීමේ සටහනකි.)

කලෙක මහරු අස්වනු ඵල දුන් හෙළබස් සාහිත කලා කෙත වල්බිහි වී ය, අද ඇත්තේ. ඛේදයකි. වැඩකට ඇති ඵලයක් දැකිය හැක්කේ ම නැති සෙයකි. ඉදින්, දකින්ට හැකිවුණොත්ඒ කලාතූරෙකිනි; නව පරපුරෙන් ඊටත්අඩුවෙනි. ප‍්‍රඥාව අවදිකරන්නේම භාෂාසාහිත්‍යකලාදියෙන් යැයි කියා තිබේ. ඉදින්, ප‍්‍රඥාව නැතිවීම ගැන පුදුමවන්ට කාරණා නැත. හේතු නැතිව ඵල ඇතිවන රටකුත් ඇත්ද? ජුපිටර්ගේ හිසින් මිනර්වා පහළ කරන්නාසේ ප‍්‍රඥාව පහළ කරන්ට බැරිය, එසේ සිදුවෙන්ට ඇවැසි පූර්ව කොන්දේසි සපුරාලීමක් නැතිව.

තතු නිශ්චයෙන්ම විමසා බලමු. හෙළ කලා කෙත සෝබමාන කළ දැවැන්තයින් බොහෝ දෙනෙකු නික්මී ගොසිනි. ඉතිරි හතරපස්දෙනාටද දැන් එක්කෝ අසූවිය පැනලාය; නැතිනම් ඊටආසන්නය. ජීවිත කාලයම උඩු ගං බලා පීනන්ට සිදුවීම නිසා ඇති වූ රෝග පීඩාදියෙන් දුර්වල කෙරිලාය. ඉතින් ඔවුන් ද නොබෝ කලකින් ම සිය මෙහෙවර නිමාකර නික්මීයනු ඇත. ඒ ගැන වන සිතුම් මාත‍්‍රයක් පවා හදසෝක සංතාප උපදවයි. අනෙක් අතට දරුවන්ට භාෂා සාහිත්‍යය තබා කිසිදු ශාස්ත‍්‍රයක් උගන්වන හරිහමන් අධ්‍යාපනයක් නැත. නුදුරේ එවැන්නක් පහළවේයැයි සිතීම ඉබ්බන්ගෙන් පිහාටු ලැබේයැයි සිතීමකට සමානය. එසේම භාෂා සාහිත්‍යයය ඉගෙන ගන්ට ඇවැසි තරුණන්ටවත්, මැදි වයසුවන්ටවත් ඒවා ඉගෙන ගන්ට තැනක් මෑත අතීතයේ මේ කොදෙව්වේ තිබියේ නැත. එනිසා ම ඔවුන්ට කවදාවත් ඒවා විධිමත්ව ඉගෙන ගන්ට අවස්ථාවක් ම නොඑළඹුණි. භාෂා සාහිත්‍යකලාවන් ඉදිරියට ගෙන යාමේත්, එතැනින් එහාට රටේ අධ්‍යාපනය හරි පීල්ලට දැමීමේත් වගකීම දැන් ඇත්තේ මේ දෙපිරිස අතය. නමුත්, මේ උනන්දු සහගත දෙපිරිසටම සිය වගකීම ඉටුකිරීමට හැකිවන තරමේ භාෂා සාහිත්‍යය කලා අධ්‍යාපනයක් ලැබී නැත.

තතු මෙසේ තිබියදී, පෙර කී ඉතිරි දැවැන්තයන් කීපදෙනා ද නික්මී ගිය කල රටේ භාෂා සාහිත්‍යය කලාවන්ට කුමන කලක්යාද? ඔවුන්ගෙන් හිස්වුණ භාෂා සාහිත්‍යයයට මතු නොව සකල කලාවන්ටත්, එතැනින් නොනැවතී රටේ පුළුල් සමාජ සංස්කෘතික ජීවිතයටත් සදා ගිම්හානය ම එළඹ සිටිනු නැද්ද? එහි සලකූණු දැනටමත් පැහැදිලි නැද්ද? අප දැනටමත් ප‍්‍රමාදය. කි‍්‍රයාත්මක විය යුතූව තිබුණේමීට බොහෝ කලෙකට පෙරය. එසේනමුත්, හානිය සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීම කෙසේ වෙතත්, එහි බරපතල බව අඩුකර ගැනීමට කළ හැකි එකම එක් දෙයක් ඉතිරිව තිබේ. නමුත් ඒ වහ වහා ම කි‍්‍රයාත්මක වන්නේ නම් පමණි. අපට 11 වැනි පැය එළඹ ඇතැයි කියූයේ මෙහෙයිනි.

කුමක්ද, ඒ එක ම එක්දෙය?

අර පෙරකී දැවැන්තයන් වෙතින් මැදිවයසුවන් හා තරුණන් වෙතට භාෂා සාහිත්‍යකලා දැනුම් මාරුවක් සිදු කිරීම වහ වහා ඇරඹිය යුතු ය. මේ දැනුම් මාරුව ග‍්‍රාහකයන් භාෂා සාහිත්‍යකලාවබෝධයෙන් වෙනස් මිනිසුන් බවට පත් කළ හැකි අකාරයේ දිගුකල් පවතින, ශාස්ත‍්‍රීය වැඩපිළිවෙලක් වුවමනාය. ප‍්‍රීතියට කරුණ නම් ගුරුවරුන් උගන්වන්ට ද, තරුණ පරපුර ඉගෙන ගන්ට ද නොඉවසිලිව සිටීමයි. ප‍්‍රවීණයන්ගෙනුත්, ආධුනිකයන්ගෙනුත් කවි එකතු කරමින්, ඒවා එක් සංග‍්‍රහයකින් එළි දක්වන්ට කටයුතු යොදමින්, අප කාලයක් පුරා තැත් දැරුවේ මේ දෙගොල්ලන්-එනම් ගුරුවරුන් හා අනාගත සිසුන්-ඔවුනොවුන්ට මුණ ගස්වන තැනක් හෙළි පෙහෙළි කර ගන්ටයි. එනිසා අප ඉටුකරන්ට යන්නේ හුදෙක් ම කවි එකතුවක් එළි දැක්වීමක් පමණක්ම නොවේ. ඊට එහා යන වැඩකට අඩිතාලමක් දමා ගැනීමයි. එහි අරමුණ හුදෙක්ම භාෂා සාහිත්‍යකලාදියේ අභිවෘද්ධියත් ඒ කරණකොටගෙන ඇතිවන සාමාජීය හා සංස්කෘතිකමය අභිවෘද්ධියත් වේ. එනිසා එය කිසිදු භේදයකින් තොරවූ, සියලූ ලාංකිකයන්ටම අයත් පොදු කටයුත්තක් බව සැළකූව මැනව!

ඉතින්, පෙරකී ආකාරයේ සියලූ දෙනාටම සහභාගිවිය හැකි ගැඹුරු භාෂා සාහිත්‍යකලා අධ්‍යයන කටයුත්තක මූලික පිඹුරුපත් දැනටමත් සකස් කොට අවසානය. ඒ ගැන වැඩිමනත් කතාකර ගන්නට ය, ‘11 වැනිපැය‘ කවි සංග‍්‍රහය එළිදැක්වීමේ උළෙල සහ සාකච්ඡා සන්ධ්‍යාව සැලසුම්කොට ඇත්තේ. ඉතින්, ඔබ හෙළ භාෂා සාහිත්‍යකලා අභිවෘද්ධිය පතන්නෙකු නම්, මේ සාකච්ඡාවට ඔබේ පැමිණීම අත්‍යාවශ්‍ය ම බව අමුතුවෙන් කිවයුතු ද?

සංවාද සහභාගිත්වය
සාකච්ඡා සභාව

ඉඳුරාගාරේ ධම්මරතන හිමි
අගලකඩ සිරිසුමන හිමි
සුචරිත ගම්ලත්
කරුණාරත්න අමරසිංහ
සිරි තිලකසිරි
ගුණදාස අමරසේකර
කමලා පීරිස්
සුනන්ද මහේන්ද්‍ර
ආරිය රාජකරුණා
ජිනදාස දනන්සූරිය
රත්න ශ්‍රී විජේසිංහ
තිලකරත්න කුරුවිට බණ්ඩාර
අජන්තා රණසිංහ
දර්ශන රත්නායක
ආරියවංශ රණවීර
නන්දන වීරසිංහ
සිරිල් එඬේරමුල්ල
ලාල් හෑගොඩ
සුනිල් සරත් පෙරේරා
සුනිල් ආරියරත්න
ධර්මසේන පතිරාජ
සෝමලතා සුබසිංහ
ධර්මසිරි බණ්ඩාරනායක
අනෝජා වීරසිංහ
ප‍්‍රසන්න විතානගේ
සරත් විජේසූරිය
ජයන්ත අමරසිංහ
චින්තක රණසිංහ
ලියනගේ අමරකීර්ති
ලූෂන් බුලත්සිංහල
එරික් ඉලයප්පාරච්චි
ජයලාල් රෝහණ
සඳගෝමි කෝපරහේවා
සිරි රණසිංහ
වික්ටර් අයිවන්
මොහාන් සමරනායක
ගාමිණී සුමනසේකර
කරුණාදාස සූරියාරච්චි
මාලින්ද සෙනවිරත්න
ප‍්‍රණීත් අභයසුන්දර
බන්ධුල නානායක්කාරවසම්
සුනිල් මිහිඳුකුල
දිලීප අබේසේකර
ගුණසිරි සිල්වා
නාලක ගුණවර්ධන
නුවන නයනජිත් කුමාර

’11වැනි පැය’ සාමූහික කාව්‍ය සංග‍්‍රහය එළි දැක්වීම හා මුහුණට මුහුණ සාකච්ඡා සභාව-

දිවයින පුරා විසිරී සිටින කවි කිවිඳියන් 500කගේ නිර්මාණ දායකත්වයෙන් හැඩ වූ ’11වැනි පැය’ සාමූහික කාව්‍ය සංග‍්‍රහය එළි දැක්වීම අගෝස්තු මස 25 දින සවස 1.30 සිට කොට්ටාව පන්නිපිටියේ ධර්මපාල විදුහල ඉදිරිපිට සිසිලස ගාඩ්න්ස් හිදී සිදු කෙරේ.

අනතුරුව, කවියන් හා කලාකරුවන් සඳහා වූ භාෂා සාහිත්‍ය ඇකඩමියක ආරම්භක පියවර ලෙස සිදු කෙරෙන, භාෂා සාහිත්‍ය කලා ලොව දැවැන්තයන්, කවි කිවිඳියන්, කලාකරුවන් හා සාහිත්‍ය කලා කාමීන් අතර වන, සාහිත්‍ය කතාබහ රස ගලන, මුහුණට මුහුණ සාකච්ඡා සභාවකි.

භාෂා සාහිත්‍ය කලා ලැදි සියල්ලෝ ම පැමිණෙත්වා!

-බ‍්‍රහස්පති



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails