
හේතුවාදීන්ගේ සංගමයේ පසුගිය මාසික දේශනයේ තේමාව වූ: " දෙවියෝ සහ භූතයෝ - සමාජ න්‍යායාත්මක විමසුමක් " යන්නේදී මතු වූ කාරණාවන් සම්බන්ධයෙන් වඩා නිරවුල් අවබෝධයක් ලබා ගැනීම සඳහා අගෝස්තු මාසික දේශනය යොදා ගැනීමට බලාපොරොත්තු වේ. හුදෙක් ‘දෙවියෙක් හෝ භූතයෙක් නැත’ යන ප්රස්තුතයෙන් ඔබ්බට ගොස්, සමාජ විද්‍යාත්මක මානයෙන් වර්තමානයේ ස්ථාපිතව ඇති අවිචාරය තව දුරටත් විග්රහ කර ගැනීම සඳහා පසුගිය සංවාදයේ දිගුවක් හෙවත් අවසන් අදියර ලෙස එම සංගමය විසින් මෙය සංවිධානය කර ඇත.
දේශනය : පුබුදු ජයගොඩ
ස්ථානය : බොරැල්ල කොටා පාරේ ආචාර්ය එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානය.
දිනය සහ වෙලාව : 2012 අගෝස්තු 9 වන බ්‍රහස්පතින්දා ප. ව. 4.15
දේශනය සැමට විවෘතයි !
ඔත්තු කරන්ට්ස් | “දෙවියෝ සහ භූතයෝ - සමාජ න්‍යායාත්මක විමසුමක්” අවසන් අදියර | අගෝස්තු 9
Posted by
BoondiOnLine
8.02.2012



