
කොටු බැම්ම කෙලවර
ඉරේ අවසන්
රැස් වැටෙන තැන..
වාඩිවී
පිටට පිට තියාගෙන
උන්නෙ අපි
ගව් සිය ගනන් දුර..
කිසිත් කිසිවක් නැත
රික්තයක් හැර
අහස දෙස බලාගෙන
නුඹ හෙලන සුසුමෙද
නැත දුකද සැනසුමද…
ඉඳහිට ඇහෙන
කර්කශ ලිහිණි හඬ
මිහිරියාවකි
නිහඬ බව
බිඳ නැගෙන….
අඳුරු සිනමා හලක
අපට වෙන්වූ කුටියක
මොහොතකට පෙර
ගෙවුනු හෝරා
කිහිපය…
හිස් කර ඇත්ද
ප්‍රේමයේ මධු බඳුන
දකින්නට වුනි නම්
සිනමා පටය
අසන්නටවත් තිබුනි
කෙලවරක් නැති
නුඹෙ සොඳුරු දෙඩවිල්ල
සිනමා
පෙම්වතා ගැන…
ඉදින් ආයෙත්
හමු විය යුතුය
පෙම් මධු ඇතිව හෝ නැතිව
පුරුද්දට හරි
හෙට හවස…..
කෞශල්‍ය පතිරණ



