
(කුඩා දැරියකව සිටි කල තමා විඳි නිදහස සිහි කරමින් වැඩිවියට පත්වීමත් සමඟ තම ජීවිතයට පැනවුණු සීමා බන්ධන ගැන කවියා පසුතැවෙයි.)
මා
ගලක් වූ මලක්
පර්වතයක් වූ සුළඟක්
අයිස් බවට පත් වූ දිය රැල්ලක්
කුඩා කල
මල් කැකුලක් සේ
මඳ පවනක් සේ
දිය ඇල්ලක් සේ
ගලා ගියෙමි.
(යුද කලෙක ගැහැණු- 2002)
සංකරි



