
තැන නොතැන හැම තැනම- අපුල කුණු රහ කෑම
තෙමා තොල කට රහට බුදිනවා...
තම වරිගෙ උන්ට අඬ ගහනවා...
මස් මරන- දැල් අදින- කුණු ලොරියෙ කත් අදින
සංසාරෙ පව් කන්ද හිඳිනවා...
අනුන්ගෙ ම අපා දුක විඳිනවා...
හැමගෙ කිල්ලෝටවල, හුණු නොවේ- කුණුවලට
ගිණි පොළී දුක උකස් ගන්නවා..
ගැරහුමෙන් සැනැහුමක් ලබනවා....
මිිහිරි පල විඳ- පෙත්තප්පුලා කූඩුවේ
හුරතලෙන් ඔංචිල්ල පදිනවා..
වෛරයක් නෑ හිතේ- ලද විඩාවට ගතේ
ලයට් කණු හිසක නිදි කිරනවා...
කොහෝ කූඩුවක ලැග- හඬ තලන තම පැටව්
උන්ගෙ හොට වලට දිවි පුදනවා...
සුසුමකට අවනඩුව කියනවා...
අයාලේ ගිය දිනෙක- වැද විදුලි කම්බියක
හුස්ම ටික බිමට- දෙරි ගහනවා
කළු කපුටු මස් වැදැලි- කිසිවෙකුගෙ ඇහැ නොගැටි,
මහ පාරෙ ටයරයක මැදෙනවා...
ජයන්ත නිමල් සිරි



