
"ලෙඩෙත් එක්ක ඔයා ඉවර වෙනවා...ඔයත් එක්ක මං ඉවර වෙනවා...තවත් මට මේ පීඩනය දරා ගන්න බෑ..."
(දරුණු ලෙස වකුගඩු රෝගයකින් පෙළෙන ගුරුවර මිතුරාගේ බිරිඳ පළමු බද්ධ කිරීම ආසාර්ථක වීමෙන් පසු ඔහු හැර යයි.)
සහනයක් තිබුණි උඹ මා ළඟ හිඳින තුරා
සිහිනයක් වගේ බොඳ වේවිද මිතුරු තුමා
කාලයක් ගෙවෙයි ආලය හදවතක් පුරා
රෝහලක් කියන්නේ ගෙදරක් නෙවෙයි තමා
ප්‍රේමයෙන් වෙලී සිටි අවුරුදු අටක් පුරා
පෝරුවෙන් බැහැල දුක් වින්ඳද යශෝධරා
සේලයින්වලින් බත් අනලා කවපු ඔයා
පූරුවෙන් ගෙනාවද මෙහෙමත් පාරමිතා
බෝම කලක් සුලැඟිලි එක ළඟ තිබුණ
කෝම හිතන්නෙද නැතිවෙයි වකුගඩුව
ලෝභකමක් නැත ගෙනියනු අඩුවැඩිය
පෝය දවසකට තව එකකුත් වැනිය
අම්මලා ගොඩක් වාගේ සෙනෙහස පිදුව
පෙම්බරා කියාගෙන ඊයෙත් ළඟ හිටිය
දොස්තරත් දැන් අහන්නේම ඒ කරුණ
උත්තරා නුඹයි උත්තර නැති පැනය
වීරයා



