
දඩි බිඩි ගගා කරනා වැඩ රට වටියේ
රට වෙඩි දමා කඩනා කළු ගල් කැටියේ
ගොළු වුණු ගලෙක ඔබෙ සුසුමන් සිර වේද
නූපන් හෙටක දුටු සිහිනය බොද වේද
වෙඩි දුම් අතර පෙර හසරැලි මුසු වේද
ඉවසනු නොහී ඔය ගල් කුළ පිපිරේද
දඩි බිඩි ගගා කරනා වැඩ රට වටියේ
එක මොහොතකින් ඔබ යට වුණි ගල් කැටියේ
රෑ සද කැළුම් ගම් දොර අස වැටේවා
තරු කැට අහුරු ඒ තනි මග රැදේවා
උපදින හෙටට ඉන් අරුණලු ගෙනේවා
මාමා වැටුණු ගල මත මල් පිපේවා
සහන් කසීර වික්රමසිංහ



