
සියොත් ගී මැද
සිසිල් සෙවණේ
ගල්පරය මත
නෙතු හෙලා ඉමි
ගඟ දියට
දියවැලක සිරි-සිරිය
උණපතෙක
සර-සරය
පුරුදු ගී තනුවක්
අතින් අල්ලාගෙන විත්
සවන් අසලින් තබා
පැන යයි
ඉර
සිරස පිරිමැද කියයි
දවස තරුණයි
තවටිකයි
පාව යන සුළඟක්
හාදු තවරා කොපුලත
රහසින් කියා යයි
“අදත් නුඹ ඒදැයි සැකයි”
අතැරදා නුඹ
මෙතැන මේ ගඟදිය මත
හැරී යන්නට ආපසු
හෙමින් ඔසවමි පිය
ලුහුබැඳම විත් පසුපස
බරට එල්ලි පපුවෙහි
කොනිති ගසමින් හිත
යළිඳු ඔබ මගෙ හිත මත
පද්මිණි ශ්රියාලතා



