
රජු පාසැලක උත්සවයකට ගොස් එක් පන්තියක කුඩා දරුවන් සමග සංවේදී ලෙස කතා කළේය. නිල ඡායාරූප ශිල්පියා කැමරාව මානාගත්තේය.
"දැන් මෙතන ඉන්න ඕන ළමයෙක් මගෙන් ඕන ප්රශ්නයක් අහන්න."
රැවුලට බයේ කිසිවෙකු මුලින් ඉදිරිපත් නොවුනත් පසුව එකෙක් නැගිට්ටේය.
"පුතාගෙ නම මොකද්ද?"
"ලසන්ත"
"මට ප්රශ්ණ තුනක් තියනවා. අහන්නද?"
"බය වෙන්නෙපා බබා අහන්න."
"එක. ඔයාට මාළිගා ගොඩාක් තියනවද?
දෙක. ඔයා යකඩ පාලම් ම හදන්නේ ඇයි?
තුන. ඔයාගෙ පවුලෙ කී දෙනෙක් ඉන්නවාද?"
හදිසියේම ඉන්ටවල් සීනුව නාද විය. ඉන්ටවල් එකෙන් පසු උත්තර දෙන්නට රජතුමා පොරොන්දු විය. ඉන්ටවල් ඉවර වූ පසු රජතුමා මෙසේ ඇසුවේය.
"කාටද ප්රශ්න තියෙන්නෙ?"
වෙන එකෙක් නැගිට්ටේය.
"බබාගේ නම මොකද්ද?"
"සරත්"
"අහන්න බබාගෙ ප්රශ්න"
"මට ප්රශ්න පහක් තියනවා.
එක. ඔයාට මාළිගා ගොඩාක් තියනවද?
දෙක. ඔයා යකඩ පාලම් ම හදන්නේ ඇයි?
තුන. ඔයාගෙ පවුලෙ කී දෙනෙක් ඉන්නවාද?
හතර, වෙනදට වඩා විනාඩි විස්සකට ඉස්සෙල්ලා ඉන්ටවල් ඛෙල් එක වැදුනේ ඇයි?
පහ, කෝ ලසන්ත?"
[රාවය- 'පෲෆ් රීඩර්' කියන ලද කතාවකි.]



