
පතිත වී ඇත
ඇල්කොහොල් ආලෝක ධාරාවක්
කුටිය හා ඒ අවට මිදුලට
අන්ධකාරය වසන් කළ දෑ
කවුළු දොරකින් පෙනෙයි විනිවිද
සුළඟ
ඉස්කුරුප්පනියක් රැගෙන
බුරුල් කර බිම දමයි
ඇට්ටේරියා මල් එක දෙක
සනුහරේ උන් නැහෙන්නට පෙර
තියෙන තැන පෙන්වන්න අනතුර
කදෝපැනියෙක් ස්ව කැමැත්තෙන්
පනිනු දුටුවෙමි මකුළු දැලකට
උදේ ගිය මල් ගොමුව තුළ හුන්
පින්න පිරි කිරි ඉද්ද සොඳුරිය
සුසානය වෙත හැරලවා ආ
පැණි කුරුල්ලෙක් වැටුණි නින්දට ....
රුවන් බන්දුජීව



