Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රුසියාවේ ඉවානොව රාජ්‍ය විශ්වවිද්‍යාලයේ විදෙස් භාෂා අධ්‍යයන අංශයේ මහාචාර්ය යෙව්ගේනි බර්සොෆ් විසින් මෙහෙයවනු ලබන අන්ද්‍රේ තර්කොව්ස්කි- අධ්‍යයන සිනමා වැඩමුළුවක් 2012 අගෝස්තු මස 12 සහ 13 දෙදින පුරා පෙරවරු 09.00 සිට පස්වරු 05.00 දක්වා කොළඹ 07 ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේදී පැවැත්වේ.

කැලණිය විශ්ව විද්‍යාලයීය සමාජීය විද්‍යා පීඨය සහ මානව ශාස්ත්‍ර පීඨ නූතන භාෂා අධ්‍යයන අංශයේ දායකත්වයෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය ජනසන්නිවේදන අධ්‍යයන අංශය සහ ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ සිනමා අධ්‍යක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව එක්ව සංවිධානය කරන වැඩමුළුවට සමගාමීව රුසියානු මහා සිනමාකරු අන්ද්‍රේ තර්කොව්ස්කිගේ ප්‍රමුඛ සිනමා නිර්මාණ හතක් අගෝස්තු මස 08, 09, 10, 11, 14, 15සහ 16 යන දිනයන්හිප.ව 04.00 ට ශ්‍රී ලංකාරූපවාහිනී අභ්‍යාස ආයතනයේ ශ්‍රවණාගාරයේ දී ප්‍රදර්ශනය වේ. එකී සිනමා නිර්මාණ ප්‍රදර්ශනයට පෙරාතුව ආරාධිතයෙකු විසින් අදාල චිත්‍රපටය සම්බන්ධයෙන් පුරා පැයක කථනයක් පැවැත්වේ.

චිත්‍රපට දර්ශන දින සහ ආරාධිත දේශන

2012.08.08 ප.ව.04.00 සමන් වික්‍රමාරච්චි -Nostalgia
2012.08.09 ප.ව.04.00 වසන්ත කොටුවැල්ල -Ivan's childhood
2012.08.10 ප.ව.04.00 එම් ඩී මහින්දපාල -Stalker
2012.08.11 ප.ව.04.00 සමින්ද රනවක -The Sacrifice
2012.08.12 සිනමා වැඩමුළුව
2012.08.13 සිනමා වැඩමුළුව
2012.08.14 ප.ව.04.00 විමුක්ති ජයසුන්දර Andrei Rublev
2012.08.15 ප.ව.04.00 අශෝක හඳගම The Mirror
2012.08.16 ප.ව.04.00 අරුණ ලොකුලියන Solaris

නොමිලේ පැවැත්වෙන මෙම දුර්ලභ ගණයේ වැඩමුළුවට සහභාගිවීම සඳහා 0112674925 අංකයට ඇමතීමෙන් අවශ්‍ය තොරතුරු ලබා ගත හැකිය.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails