
"චලනය නොවන්නෝ තමන් බැඳ දමනු ලැබ ඇති යදම් නොදකින්නෝ ය." රෝසා ලක්සම්බර්ග් කීවාය. බැඳ දමන ලද නිද්‍රාශීලී යෝධයෙකු එක්වරම නැගෙන්නාක් සේ යදම් බිඳ නැගී සිටි මැද පෙරදිග මිනිස්සු, පූර්ව නිශ්චිත ව තිබූ ඓතිහාසික ඉරණම් සුණු විසුණු කළහ. ඉතිහාසය නැවත ලිවූහ. කවර අඩුපාඩුකම් මැද වුවද ඔවුන් විසින් ඔසවන ලද්දේ පොළවටම හෙළා බිම දමා තිබූ සියළු පීඩිතයන්ගේ ධජයයි.
ඒ ධීර ලෙයැති මිනිසුන්ගේ මේ දරුවා අතැඟිලි නගා පෙන්වන්නේ අනාගත ජයග්‍රහණයේ සලකුණයි. ලෝ පුරා සමාජ ජාල පුරා ගින්නක් මෙන් පැතිර ගිය මේ සේයාරුව බහරේනයේ උද්ඝෝෂණයකට එල්ල කරන ලද කඳුළු ගෑස් ප්‍රහාරයක් මැද්දේ ගන්නා ලද්දක්.
Occupy Bahrain උද්ඝෝෂණ වල අරමුණ 1999 සිට බහරේනයේ රජ කරන ඒකාධිපතියා වන හමාඩ් එළවා දමා, සිය දේශයේ නිදහස සාක්ෂාත් කර ගැනීමයි. මැද පෙරදිගින් ඇරඹී ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව පිස හමා ගිය සුළඟින් බැහැර වන්නට ධනේශ්වර ඇමරිකානු වෝල් වීදියට හෝ යුරෝපයේ සුපිරි නගරවලට හෝ හැකි වූයේ නැත.
අං දෙක මෝරද්දි රජුගේ හිස මැද්දේ
කන්දක කඳුළු දුම් මැද මහ මග යුද්දේ
නින්දක ඉන්න උන් ඇහැරන හෙණ සද්දේ
දැක්කද ජය ලකුණ පොඩි අතැඟිලි මැද්දේ
සුභ



