
නිමිත්ත - බූන්දි වෙබ් අඩවියේ පළ වූ කවියකට ලැබුණු ප්රතිචාර දැක ලියමි.
තැලී පොඩිවෙන
පෙති හැලී විසිරෙන
දෙමළ සිත් ගැන
හතර පදයක් ගලපන්න
අපට හිමිකම් අහිමිද?
දෙමළෙන් දැකපු මරණය
සිංහලෙන් හඬ ගා කියන්නට
අපට අකැපද?
කඳුළු උනන්නේ
නුඹලාගෙ සිත් පතුළ යට විතරමද?
අංගුලිමාල
හඹා එයි අප පසුපස...
ඇඟිලි ඩැහැගනු පිණිස නොව
ගෙල සිඳිනු පිණිසම
බුදුන්ගේ දෑසේද සිනාවකි
නුඹලාට අවැසි
කුරුසිය තබන්නට
අප කරමත නම්
කමක් නෑ
නගින්නම්
කල්වාරි කන්දට
අප පසුපසම එන්න
කුරුසියේ ලා
ඇන ගසනු පිණිසම
සුනන්ද ගාර්දියවසම්



