Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බොරළු පාර දිග
යන එන මං
කොහොම දකින්න ද
කාපට් කරපු මහා පාර දිග
යනෙන කිසිවකු
ඉඳ හිටක වැලි පාර දිග ඇවිදින්
බොරළු පාරට වැටෙන කෙනෙකු මිස

අතීතය සහමුලින්ම කපා හෙළන
අනාගතයට පමණක්ම ඉපැදුණු
වර්තමාන මිනිස්සු
කලාතුරකින්වත් බලන්නෙම නෑ
ආකහේ දුක්බර වළාකුළු දෙස
වසන්තයේ අග පිපුණු
මහලු මල්පෙති රිද්දවා
මකරන්ද පොඩි කොට හිනැහෙනු මිස

විලෙත් හි වෙරෝනිකාලා
මැරෙන්නම තීරණය කරති

සෙදෝනලා
කොළ හැලෙන අඳුරු රබර් යායේ
එල්ලෙන්නට ගස් තෝරති

කවුරු වුව
සෙත් කවි කියා
ගයන්නෙ ද වස් කවි ය
පද පෑහෙන්න අමුණා
සියළු දෝස මුහු කොට
පොල් ගෙඩියක් සේ දෝත ගෙන
මහා කලු ගල් පවා සසලවා
දමා ගසයි බිඳෙන්නට
හැඩි දැඩි අත්ගොබ හොලව හොලවා
අකුරින් අකුර ද නොව
ඉස්පිළි පාපිළි පවා හැලී මැකී යන්නට

නපුරු හීන බිඳිනු වෙනුවට
නපුරු රෑ කාල වලම
එළිපත්ත පැන හදවත පාරවන සඳකි
අමාවකට පමණක්ම පෙම්බඳින
ප්‍රේමවන්තයින්ගේ පාරාදීසය
සුණු විසුණු කර දමන
ආලෝකය එවා සියල්ලම දවන

හෙවණැළි නො වැටෙන
පාන්දර ජාමයේ පිනි ඇහැරවා
දෙපා පතුල් දෝවනය කරයි
බොරළු පාර දිග ඇදෙන උන්
එවිට
පිනි පිරෙන්නේ
තෘණ පත් මත්තේම යැයි කිව හැකිද

මහ පාර දිග ගිනියම් තාර පුසුඹ
සුළඟ එහෙ මෙහෙ ගෙන යයි
රත්වෙච්ච උන්ගේ දෙ පතුල
සුළඟ එ පිනි තවරයි
අලුත් පාරෙන් මෙහා ලෝකයෙ
ආදරවන්තයින් අත නෑර
හදවතින්ම ඔවුනොවුන් සිපගනියි.
නෑඹුල් සුබ සිහින
ඔවුන් දෙ කොපුල පුරවයි
මටසිලිටු බොරළු කැට දිලිහෙයි.

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails