Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බසක බරසාරබව
කිරන්නට හැකි
තරාදියයි කවි.
වචන නම් වනගැබේ
සඳුන් තුරු
තමයි කවි.

එය පරම සත්‍යයකි.
අලූත් දෙයක් නොවේ කවිය
පරණ දෙයක් ද නොවේ එය.
සලකුණ එයයි
නිවෙන දැල්වෙන
ගිනි පුපුරු ගැන කියන
මිනිස් හදවතේ.

අත්දැකීමකි
විස්තර කළ නොහැකි.
සුන්දරත්වය ම ය කවිය
සැවොම අත්විඳින

ගැටුමකට ඉඩ තිබෙන
පොර කොටුවක් නොවේ එය.
දිව ඔසුවකි ආත්මයට,
කුලී වාරිකයක් නොව කවිය
ගත සිත වෙනුවෙන් ගෙවිය යුතු වන.

(ඉන්දියානු කවියකු වන කන්හියා ලාල් සෙතියා විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

කන්හියාලාල් සේතියා (1919-2008):
කන්හියාලාල් සේතියා රාජස්ථානි සහ හින්දි යන භාෂා දෙකෙන්ම කාව්‍යකරණයේ යෙදුණු කවියෙකි. මෑත කාලීන කවි පරපුර තුළ අත්දැකීම් බහුල කවියකු ලෙස විවිධ විෂය ක්ෂේත‍්‍රයන් ඇසුරු කරගනිමින් ඔහු විසින් රචනා කරන ලද කවි නිර්මාණ විශාල ප‍්‍රමාණයක් පුවත්පත් සහ සඟරා ඇතුළු මාධ්‍යයන් ප‍්‍රකාශයට පත් වී ඇත. කාව්‍යකරණයේ නියැළෙන අතරම නිදහස් ලේඛකයකු ලෙස ද විවිධ පුවත්පත් සහ සඟරා ආදිය සඳහා ලිපි නිර්මාණ සපයා ඇති ඔහු සාහිත්‍ය ඇකඩමි සම්මානයෙන් ද පිදුම් ලබා ඇත.

කන්හියාලාල් සේතියා
පරිවර්තනය - අජිත් නිශාන්ත



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails