
එන්න
විඳගන්න
අන්තිම මලක සුවඳ
මහා සුළඟකට හසුවී
ගිලිහී වැටුන අන් හැම මලම
අන්තිම වරට දුටු
ජීවත්ව සිටිනා එකම මල
වැඩි කාලයක් නොමැත
නොපෙනේද අර එන කුණාටුව
ප්රමාදය සැමදාම
හේතුවේ පසුතැවිල්ලට
ඉතිරිවේ මහා හිස්කමක්
අන්තිම මලත් වැටුනු පසු
හිස් අහස් පසුබිමේ
අග හිස් අතු ඉති පමණක්
ඉතින් කුණාටුවට පෙරාතුව
එන්න විඳ ගන්න
මේ අන්තිම මලේ සුවඳ
ප්රමාදය සැමදාම හේතුවේ පසුතැවිල්ලට
අනුෂ්ක තිලකරත්න



