Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ගිනි මැලය ඇවිලෙද්දි බුර බුරා
මස් පළහා කා ලේ බී
ගෝත්‍රිකයෝ නටති
උන්ගෙ බෙරය හඬව හඬව
සන්තෝසෙන් වියරු වැටී

“තාක්ක දොං දොං තාක්ක දොං දොං තේක්ක මල් පිපිලා
අන්න බලන් සකි මෙන්න බලන් සකි පාරට මල් නැමිලා“

උන්ගේ නිවසට ඊයේ
කැඳවාගෙන ආ යුවතිය
සුන්දරතර මනාලිය
පසෙකට වී බලා හිඳී
ඇගෙ නෑයන් පැමිණෙන තුරු
පාර දිහා

රත් පැහැ ගෙන ඇති ඇගෙ දෙනුවන්
ලේ පැහැ ගෙන ඇති ඇගෙ දෙකොපුල්

උදෑසන ම ඇගෙ නෑයෝ ඇවිදින්
සන්සුන් ගමනින් ගෙට ගොඩ වූවා
මුනු මුනු මුනු මුනු මුනු මුනු මුනු මුනු

හොරුන් වගේ ඇගෙ යහන් ගැබට ගොස්
මුනු මුනු මුනු මුනු මුනු මුනු මුනු මුනු
සතුටු සිනා හඬ ප්‍රීති ගීත නද
පාවේ පාවේ වා තලයේ
හැම දන තුඩ තුඩ රැව් දෙයි රැව් දෙයි
තුති පැසසුම් තුති ගී රාවේ

දැල්වෙයි ගිනි මැලය
රත්වෙයි රබාන
විහිදෙයි ගීත නද
කිකිණි හඩ ගිගිරි නද
ගිනිමැලය ඇවිලෙද්දි බුර බුරා
මස් පළහා කා ලේ බී
ගොත්‍රිකයෝ නටති
උන්ගෙ බෙරය හඬව හඬව
සන්තෝසෙන් වියරු වැටී

'යදම් හඬ' පද්‍ය සංග්‍රහයෙන් (1976)

ජිනදාස දනන්සූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails