
මල්ටි බැරල් ආටි සමග ගස්සාය
ගමින් ගමට අතුගාගෙන බැස්සාය
මානෙල් මලින් මුළු නුවරම සරසාය
පාලකයින් මේ විරුවන් උස්සාය
ජාතිය අපේ රන් විමනකි ඒ අස්සේ
ආගම මිණි පහනක් ලෙස කර ඉස්සේ
ජාතියෙ මුර දේවතාව ඇඳ අස්සේ
ඇමති පුතා ධාතු වඳියි ඒ අස්සේ
විරුවා කියලා උම්මා උම්මා දෙන අස්සේ
උස්ස උස්ස පුක ඇනපන් තණ පිස්සේ
සංවර් ධනේ වෙනුවෙන් මඩ කන අස්සේ
ඇමති පුතා දුන් අඩියෙන් හිත ගැස්සේ
දෙමලා අනෙකා කරගෙන අපි සිටි අස්සේ
මරපු මරපු හැම දෙමලම හිත ගැස්සේ
ධනවාදය සළු ගලවයි මේ අස්සේ
රණ විරු කථා නොකියමු අපි මින් පස්සේ
ගෙටොවේ එකෙක්



