
අධ්‍යාපන අයිතිය වෙනුවෙන්
සටන් කළ වරදට
අභූත චෝදනා මැද
සිරගත කෙරුණු
සටන් සගය....
ඒක උන්ගේ පුරුද්දක්
වීරසූරියගේ සිට ත්රීමා දක්වා
ගෝවින්දන්ගේ සිට
ඇන්ටනි දක්වා
මරා දැමු පාලකයන්ට....
ශිෂ්‍ය ව්‍යාපාරයේ
අපරාජිත සිත්
නොපසුබට අත්
ප්‍රශ්න නගන ඇස්
උන්ට මහ වදයක් ...
‘එකෙකේවත් නිදහසේ නොතියා
නිහඬ කරපල්ලා’
ඒ මහ එකාලගෙ පැතුම
‘මොනවහරි චෝදනා දාලා
කුදලගෙන පලයව්’
ඒ පොලිස් ලොක්කගෙ අණ
‘මහ වාතයක් ඕකුන්
අපට නිදහසේ ඉන්න නෑ’
ජුදාස්ලගෙ යටි හිත....
ඔන්න දැන්
උන් සෙරම ජය අරන්
ශිෂ්‍ය නායකයා ඇතුළේ
උන් සතුටු වෙනවා ඇති
ටික කාලයකට...
ඒත් බලාපල්ලා
කලින් හිටි එකා නෙවෙයි දැන්
ගොලායත් ඉදිරිපිටට ඇවිත්
කැටපෝලයක් ගත් ඩේවිඩ්...
පාලකයිනි,
ප්‍රවේශම් වෙයල්ලා
ඉතිහාසය කියවපල්ලා
ගොලායත් බිම වැටුණේ
ඒ පුංචි කොලූගැටයගේ
එකම එක පහරින්!
චන්දන සිරිමල්වත්ත



