
කල්පාන්තර වේදනාවකි.
හිස්ව යන නිමේෂය
අවසාන මධුවිත
පොකැට්ටුවේ කැරැට්ටුව මැනවින් හැඳිනුව.
මොහොතකට තිගැස්සී හැරී බලමි
ඉකිගසන විට හිස් වීදුරුව
හිස්ව යනු දැක මා
මොහොතින් මොහොත.
නැඟිටින්නට පෙර
අවසන් වරටත් එබී බලමි
විසිරුණු ලූනු බිකි අතර
එකම එක කඩල ඇටයක් ඇහිඳින්නට.
සෝදිසි මෙහෙයුමෙන් මා පරාදය..
සටන් කරන්නට එකම එක මූනිස්සමක් හෝ නැත
පොකැට්ටුව සිසාරා බැලුවද.
ඉඳින් මම නැඟිටිමි.
වැටි වැටී නැඟිටිමි.
ආයෙත් නම් එපා
හිතුවක්කාර පියාපත්
ඉගිළෙන්න හරි බයයි දැන් මම.
පායන්නත් එපා
ත්රස්තවාදී නුඹේ ඇස්
හිස් වීදුරුවට ඉහළින්
විදුලි පංකාවට පහලින්
කොහේ හෝ සැඟවී ඇත්දැයි හොයන්නට
ආදරයේ නොව..?
ජීවිතයේ අංශු මාත්රයක්..!!
ප්රියාන් ආර්. විජේබණ්ඩාර



