
මගේ බහට
කීකරු වන
අවනත වන
කුල කුමරිය
මෙවක් පටන් නුඹ සුරකිමි.
සියක් පළෙක
අත්සන් කර
මගේ නිදහසෙන් පොඩ්ඩක්
නුඹේ නමට පවරා දෙමි.
ඒ වෙනුවට
නුඹගේ මුළු ජීවිතයම
මගේ නමට
ලියා ගනිමි...!
["ණයට ගත් සාජ්ජය" කාව්‍ය සංග්රයෙනි.]
යමුනා මාලිනි පෙරේරා



