
එකට ඔබ හා බීඑම්අයිසීඑච් නොගිය මම සාහිත සැඳෑවක ගාලු මුවදොර ඔබ හා තනි නොවීමි..
˝කැමති පොතකින්
එකක් විතරක් අර ගන්න˝
දෙදෙනෙක් නොවෙමු අපි
පොත් අතරෙ චාරිකා නොම යන
සාහිත වසන්තේ ගිම්හාන චරිත අපි
රිදෙන රසික හද තැවුමකි
අර එකක රැඳුනු දෑස් දකින
පොතින් පොතට ඉදිරි ඉදිරි
ඔබ මොබ යන
මා දෑස වෙහෙස ඔබම සොයන
කැමති නැද්ද ඇවිදින්න
නොයෙක සාහිත පාරවල් වල
පීරන්න පිනුම් පීනුම් එක්ක
හැන්දෑවට සහුර්දකම් බියර් බොන්න
ප්රබන්ද වල චරිත උනත්
සුබ පතාවි නේද අපට
චියර්ස් එක්ක පෙණ උතුරන..
ලබන පාර වත් එමුන්ද
කැමතිම පොතකින්
එකක් විතරක් අර ගන්න.
ආයිමත් කැඩුව මම අර පොරොන්දුව
බියර්වත් බොන්නෙ නැති හගිස්සුම
ඔයත් නැති පාලුවට
බියරුත් පෙණ දැම්ම තිත්තට
කොටුවෙ ලාබම තැනක
තවත් එක වැරැද්දක් කළා මම
එපා කියල කිව්ව උනත්
ආයෙමත් හෙම තෙමෙන්න
ගාලු මුව දොර
වැලි රැල්ලේ දිව්වා මම
හීනි අඳුරු පොද වැස්සේ
ඔබ නැතුවත් පුලුවනි මට ඉගිල්ලෙන්න?
ගාලු මූණේ මූණෙන් මූණ
බංකුවක ඉඳගෙන ලී කොට
කැන්නස් ලේස්වල
සමනළය ගැට ගහමි
ඈත සිතිජේ ඔබ හා පියාඹන
සමනළ ප්රබන්දෙක
රූපක කවක ඇමිණෙන
නැගිටිමි එතැනින්..
ඔබ හා යාව නාව
වෙන අය හා යාව ආව
හිතේ කැක්කුම ගලක් කර
ගුලිය පිටින් වීසි කර මුහුදට
පිරිටන් පෙත්තක් ගිලිමි
පාලම ළඟ ටැප් එක ඇර
සැල්බිටමෝලයක් සමගින්
නුවර තෙක් බස් එකේ
එකම නින්දට යනු පිණිස
ඔයත් එක්ක තෙමිච්චි දා
සෙම වැඩි වී ගිහිං ගත්ත
අර, පිරිටන් විටමින් සී එහෙම
නොබී ළඟ තියාගෙන
අරං යමි යනෙන තැන
මතක සැමරුමක් ලෙස
ආසයි මං
ඒ හෙම්බිරිස්සාවට කැස්සට
හොඳ උනොත් හෙම ඒ සෙම
බයයි මට
තෙමෙන්නට කලින් ආයිමත් අපි එකට
සුදර්ශන සමරවීර



