Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අහසට හැකිය ගුගුරන්න
සයුරට හැකිය වැලපෙන්න
හදකට හැකි ද පුපුරන්න
ඔව්
හදකට හැකිය පුපුරන්න

දරු පෙමක් අභියස
සඳ වුනත් පොඩි තිතක්මය
තාත්තෙක් අභියස
පුතෙක් හරි විශාලය

තාත්තෙක් වීම
පළමු උණුසුම් හැඟුම
මුල්ම පය තැබුම
ලොවම ජයගත් මොහොත

පැතුම් පොදි බොහොම
පැයට හැතැක්ම වේගයෙන් වැදිණ
නිසොල්මන් වූ සිහින
සේලයින් බිඳුවටම එක්වුණ

විශ්වයම එකමිටට
අල්ලා දිය හැකිය පුතුට
තාත්තෙක්ගේ හදකට හැකිය
පුතෙක් වෙනුවෙන් පුපුරන්න
ඒත්
තාත්තෙක්ට බැරිය
පුතුගේ දෙණ ඔසවන්න

පැය දෙකක පමාවකි
පුතු ගිය ලොවට යන්න
හදවත පලාගමි
පුතු සමඟ අවසන් ගමන් යන්න

ක්‍රිශාන් රාජපක්ෂ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails