
ශබ්ද නොනැගීම
අත්හැර පියවර මනිමි
මට ඔබ පසුකර යනු උවමනා විට
නැවතුන ඔබ දැකීම
කන්දක බරක්
මා මත පටවනු නොවේද
අත්හැර යනු පහසු වනු පිණිස
ඔබ ගමන් කරන්න
සමගාමීව හෝ ඉදිරියෙන්
පසුපසින්
නො නැවතෙන්න
නැවතීම යළිත් ප්‍රේමය උපදවන සුළුය
මට ගමන් කරන්නට ඉඩ දෙන්න
සියලු කඳු මුදුන් පසු කර
පුළුන් රොදක්ව
කාංචනා අමිලානි



