Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රබර් යාය
මේ පෙබරවාරියෙත්
යළිත් රමණයකට

කිසි තෙතක් නැති
නන්නාඳුනන ආගන්තුක සුළඟ
එන මග

ඉපල්වී ගොස්
යන්තමට පපුවේ තැවරුණ
කෙට්ටු ළැමැති තරුණියෝ
නිර්වස්ත්‍රව

කර දඬු උස් කෙරුව
මහ පොළව
මත ලිහූ
සළු පිළි තවම

ගසාගෙන ගොස්
වියළි කර්කෂ සුළඟ
තැන තැන රැඳුණ
තන පට

මෙවුන්දම් සැනකෙළි
අහවර කොට
අඳුර අවුදින්
තට්ටු කෙරුවා දොරට

හිස් රබර් යාය
යළිත්
පේළියට
සීරුවට

නිරාෂ ගුණසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails