
මහා පර්වත මුදුන් අග
අහම්බෙන් ඇස ගැටෙන
නින්ද නැති අව්රැල්ලකි
කැරලිකාර ඇස් සොයන
ආලිංගන මුකුටයෙන් දිදුල
පේ‍්‍රමය වාසනාවකි
හිතක් ඇත් නම් කෙනෙකුට
ඇත්තටම එය භාවනාවකි
අලුතින් හැදූ කැරකොප්පුවක
අලුතින් ආ පිසාචයකුගේ
විළිබර මුහුණක හිනාවක් වුව
එවිට
ඔබට දකින්නට හැකිය
උඩ කරණම් හතක් ගසා
හත් පෙති මලක් මත වැතිරෙන
අයෝමය සුළං රැල්ලකි
මූදු හතක් එහායින් ඈතක
හීතලෙන් නෑවෙන දිය කඳුරැල්ලක
පේ‍්‍රමයේ අප්‍රමාණ සිහිලසක් එතී තිබුණි
මීදුම් වළාවෙන් අමතක කළ
වාසගම් නැතැයි පිළි නොගත්
ළදළු
මැදිවියේ එල්ලෙන තුරු පත් අතරින්
හංගන්නටම ඕනෑම නම්
වම් ඉවුරෙන් බැස
ආපසු හැරිය යුතුමය
මගේ දෑසම මඟ හැර
නෙලුම් පත් මතින් ඇහිලුවේ
ඇබිත්තන් පිනි බිඳුය
නුඹේ රළු දෑඟිළි වැදී
බිඳී මියැදී යන්නට පෙර
පරිස්සම් විය යුතු.
අප පා එසැවූ සොහොන් කොත් අතර
දහස් ගණනක් නුඹේ සහෝදරවරු
දෑස් පියා සිටියහ
උහු බලා සිටියහ
අපේ අතැඟිළි ගිනි ගෙන පිලිස්සිණි
දැවී ගිය අප්‍රමාණ බලාපොරොත්තු
උන්ගේය
වම් අත ගැලවී එල්ලා හැලෙන්නට වුණි
උරපත කෑ ගසා හඬයි
සැබැවින්ම එය නපුරු සිහිනයකි!
අරලියා මල් පෙති
මං කැමතිම රතු පාටින්
පවන් සළන්නට විය
ගැලවී වැටුණු අතින්ම
ඔබ තාමත් කවි ලියයි
ගිම්හාන සුළඟින් පෙම්වත් එ කවි
හමන්නේ කොහිදැයි නො දනී
පේ‍්‍රමයේ අභිරහස් චාරිකාව මැද
ගිලෙන
රුවල් බිඳෙයි ඉවුරු සසැළෙයි
යළිත්, යළි යළිත්
එ ඉවුරු මතම රළ ගෙඩි හැපෙයි.
ගෙන්දගම් බිම් මත බිම් මල් පිපී ඇත
පරව යන්නට පෙර මහපොළොව නිවාලන
සඳුන් ගිරිහිස සහසක් පේ්රමාසන විය
එහි
කාත් කවුරුවත් නැති
පේ‍්‍රමයක් හමු විය.
තුෂාරි ප්‍රියංගිකා



