
කපිලවස්තු පුරයෙන් එන ධාතු බලා
රට වටේම ජන හදවත් පහන් කළා
මල් වට්ටිය යටින් බුලත් කොලය තියා
සාධු සාධු ධාතු මෙන්න වැඩම කළා
රජුන් මොකද කුමරු මතින් ගමන් කළා
ඡන්දෙ දිනන අලුත් මැෂිම වැඩම කළා
මේක දැකපු කොමසාරිස් භීත වෙලා
සාධු සාධු ආතතියට කතා කළා
ජෝන් බර්ටි දඟළනවා ධාතු සොයා
ධාතු බලේ විමලයාට ඇටෑක් කොළා
පිල්ලයාන් කට කොනකින් සිනා සලා
සාධු සාධු රතන සාධු මතක් කළා
කළුවරයගෙ තාප බලය නොරොක් වෙලා
පහ වසරේ විභාගයත් අවුල් කළා
සරසවි ඇදුරන් පාරේ මුනින්තලා
සාධු සාධු ධාතු මෙන්න වැඩම කළා
බඩු මිල අහසින් යනවා ධාතු බලා
නියපොතු කනවා මුල්ලක වාඩි වෙලා
සාධු සාධු ධාතු වැදන් ඉවරවෙලා
පරණ එවුන් මනාපයෙන් ධාතු කළා
ගෙටොවේ එකෙක්



