Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වඩේ කකා ප්ලේන්ටි බොන
කකුලක් උඩ කකුල තියන් බංකුව උඩ
පුරුද්දකට උරම්බාන තොල් උල් කර
එයා මගෙ පෙම්බරිය
ගැහැණු ඇස් වලින් ලොව බලනගග
මං සම්මත පෙම්බරෙක්ය
පිරිමි ඇසින් එසොඳුර ඉඹින.

කඩිච්චියක වගෙ කඩිසර
එයා
අබලන් සරනේරුවක
කිරි කිරි හැඬුමක් ය
මං ආලෙන් ලඟ දිය වෙන ඩිංගිත්තට

ඉරයි හඳයි අහස් තරාදියේ
සමබර වෙන හෝරාවේ තිතට කටුව
ගුරුත්වයෙ මාංචුව ලිහාගෙන
සැහැල්ලුව වඩාගෙන දුවල යමි ඈ ලඟටගගග
අනා සාහිත රසින් ලතෙත් කළ මා තොල
තබමි මම ආදරේ තොත්තුවැයි නම් කොටල
සඳ දෙකට කැපූ සඳ අඩ සඳ ලලාටය මත..
කෙඩෙත්තු ඉර පැහැ සරියේ
මුහුණ වෙනස් කර
ඒ....පුරුෂාධිපති හාදුව..
එපා මටගග කියයි අරගෙන පයක් පස්සට
නෝක්කඩු ලලනා තානයෙන්
පල නෙලන්නෙම එයා
ප්‍රේමයෙදි විතරමනෙ එසඳ ඒ සඳ ඉඹින

නිතරම රවුං වචනෙන් ඈව අමතන
එතකොට නං මා හතරැස් ලෙසින් කියන කිසිදේකට
රූපක අර්ථක ‍වත් නැත
අර පයක් පස්සට ගන්නා වෙලාවට.
ඉම් ඉනි නැති මා කෙඳිරිලි ද හොඳින් දන්නී
දබරැඟිලි කඩුල්ලද අහුරයි මා දෙතොල මත
කප්..කප්....කප්මෝඩය

ඈ උකුල මත ඔබාගෙන මා හිස
ඔලය.ඔලය.ඔලකඩයා....කියාගෙන අන්තිමට
දෙතොලින් මාව නහවන
ඇගෙන් රවුං වචන ගලන
අර මෝඩ කෙලිලොල් කෙල්ල මතු වෙන
මම ආසම ආස තැන එතෙන ඒ වෙලාවට..

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails