
(සැමියා)ගාර්දියස් ආරච්චි රාජකාරියට යැම සඳහා පිටත්වන විට-
හිමි යන ගමන්වල අඟනුන් නොව සාද
එනු විගසින් එහි නොවෙමින් පරමා ද
හිමියනි, දැන් ඔබ මට දුන් අවවා ද
මම ඉවසමි මදරද ඉවසුම් දේ ද?
පුංචි අවධියේ ළිඳට ගිය මොහොතක ඇගේ පුංචි කළ ගෙඩිය හැංගූ අයෙකුට-
පුංචි රුවන් පුංචි රුවන් පුංචි කළේ
වතුර අරන් ළිඳ උඩ තැබුවාය කළේ
අටපහ නොදන්නා ජඩයෙකි මේක කළේ
ගෙදර යන්ඩ දෙනවද මගෙ පුංචි කළේ
ඇලපාතට-
බැන්ද මගේ හිමි පරලොව ගිය බැවින
නින්ද මට හොඳයි දැන් තනියම යහන
වින්ද රති සැපත මට අමතකව යන
කින්ද දැන් ඔහෙට විමසන්ට කාරණ ?
සිටිනාමළුවේ හිමි ගැන-
වටිනා කියන මෙමගේ තුරුණු තුනු විල
සිටිනා මළුවෙ සමිඳුට පුද කළෙමි බොල
සිටිනා මෙගම සහ අවට ගම්වල
තුටිනා එයින් අනුමෝදන් වව් සියල!
[සේයාරුව- ගජමන් පුවත වේදිකා නාට්‍යයෙන්]
ගජමන් නෝනා



