Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මචං, එනවා නේද?

CULT පොත එනවා 17 වෙනි දා...

ජිවිතයක් විදිහට මං අත්විඳින දේම ලියවිල්ලකට හරවන්නෙ කොහොමද කියන එක සහ මොකක් හරි දෙයක් ගැන මගේ ඇතුලෙම තියෙන විසංවාද ප්‍රතිවිරෝධ හැම එකක්මත් එකම සංවාදයක් කරන්නෙ කොහොමද කියන අත්හදාබැලීමයි 'කල්ට්' කියල එකතු වුණු ලිපි පෙළ. කල්ට් බ්ලොග් එකක් විදිහට [c-u-l-t.blogspot.com] සහ රන්දිව පත්තරේ සතිපතා ලිපි විදිහට තාමත් අප්ඩේට් වෙනවා. ඒ අතරෙ අවුරුද්දක ලිපි එකතු කරලා පොතක් කරන්න මං හිතුවා.

පොතක් කියන්නෙ බ්ලොග් එකකටත්, සතිපතා පත්තරේකටත් වඩා වෙනස් ආකෘතියක්. ඒක වෙනස් අත්දැකීමක්. ඒ ඇරුණම හැම දෙයක්ම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන කාරණා වලට මට ඕන විදිහට ඉලක්ක කරලා ප්‍රකාශ කරන්නත් පුළුවන් එකම මාධ්‍යය. ඒ කියන්නෙ කල්ට් පොතක් කියන්නෙ කල්ට් වැඩක් විදිහට අනිවාර්යයක්.

කල්ට් කියන්නෙ හැමෝටම කියවන්න පොතක් නෙමෙයි. ඒක එක්තරා අදහස් සංවාද කණ්ඩායමකට අයිති වැඩක්. ඒකෙ අරමුණම සංවාදය. නැවත සංවාදය. දෘෂ්ටිවාදයක් හෝ වෙනයම් ලාබ අරමුණකට වඩා කල්ට් ලියන්නෙම දෙබසක් වෙනුවෙන්. අපේ කටහඬම ආයිමත් ආයිමත් ඇහෙන මේ ප්‍රපාතය ඉස්සරහ ආයිමත් කටහඬක් අහන්න බලාපොරොත්තුවෙන්.

කල්ට් පොත එලියට එන දවසට එන්න.

සැප්තැම්බර් 17 වෙනිදා හවස 4ට. බොරැල්ලෙ පුංචි තියටර් එකට.

අපි අදහස් කතා කරමු. ඉස්සර වගේ නිතර මුණගැහෙන්නෙත් නෑ අපි දැන්.

-චින්තන ධර්මදාස

cult 01 smoker



cult 02- i am gay



cult 03 sex



cult 04 sinhala buddhist








මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails