
සිංහල භාෂාව පොදුවේ භාවිත කරන අයගේ සාහිත්‍ය අවබෝධය ගැඹුරු කිරීමේත්, භාෂා නිපුණතාව ඉහළ නැංවීමේත්, ඔවුන්ගේ නිර්මාණශීලී කලා ප්‍රකාශන හැකියාව ගූණාත්මකව තවත් ඉහළට ගෙන ඒමේත් අරමුණින් පැවැත්වෙන,
මහාචාර්ය සුචරිත ගම්ලත් ප්රමුඛ විශේෂඥ ඇදුරු මඬුල්ලකින් මෙහෙයවෙන,
භාෂා සාහිත්‍ය කලා ඇකඩමිය ජනවාරියේ දී ඇරඹේ!
පළමු පියවර (ඩිප්ලෝමා)
•සම්භාව්‍ය සිංහල සාහිත්‍යය
•සිංහල භාෂාව
•නිර්මාණශීලී සිංහල කථනය හා ලේඛනය
•සිංහල සාහිත්‍ය ඉතිහාසය
•සිංහල භාෂා ඉතිහාසය
දෙවන පියවර (උසස් ඩිප්ලෝමා)
•ලෝක සාහිත්‍යය (රුසියානු, ඉංගී්රසි, ඉන්දියානු, අප්‍රිකානු, ප්‍රංශ)
•භාෂාවේ ඉතිහාසය
•කලාවේ ඉතිහාසය
•කලා විචාරය
•නූතන සිංහල සාහිත්‍යය
ඉලක්කගත ඉගෙනුම් කණ්ඩායම
•කවි කිවිඳියන්
•ලේඛක ලේඛිකාවන්
•කලාකාරයන්/ කාරියන්
•මුද්‍රිත/විද්‍යුත් මාධ්‍යකාරයන්/ කාරියන්
•සරසවි ඇදුරන් ඇදුරියන්
•පාසල් ගුරුවරුන් ගුරුවරියන්
•වෘත්තීයවේදීන් /වේදිනියන්
•සරසවි සිසු සිසුවියන්
•භාෂාව, සාහිත්‍යය හා කලා රසවින්දනය වැඩිදියුණු කළයුතූ යැයි සිතන වැඩිහිටියන්
•උසස් භාෂා සාහිත්‍ය දැනුමක් ඇවැසි උ/පෙළ සිංහල සිසු සිසුවියන් (පළමුවෙන්ම අයදුම්පත් එවන කීපදෙනෙකුට පමණි)
සතියකට එක් දිනක් බැගින් සති අන්තයේ දිනක කොළඹ දී දේශන පැවැත්වේ. පුළුල් විෂය සන්ධාරය හේතූවෙන් මුළු පාඨමාලා කාලය වසර 2කට වැඩි වනු ඇත. අත්‍යන්තයෙන්ම උසස් පාඨමාලාවකි. මෙය මෙරට දී පැවැත්වෙන මේ වර්ගයේ එකම හා අවසාන පාඨමාලාවයි. එබැවින්, ප්‍රමුඛතාව ලැබෙන්නේ භාෂාව පොදුවේ භාවිත කරන අය හා අනාගතයේ එසේ කරන්නට බලාපොරොත්තූ වන අය සඳහා පමණකි. එනිසා භාෂා/සාහිත්‍ය/මාධ්‍ය/කලා/අධ්‍යාපන/වෘත්තිමය යන ක්ෂේත්‍ර වල ඉදිරිපෙළ සිටින, මැදිවියේ හා තරුණ, සියළු දෙනා මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ පාඨමාලාව සම්පූර්ණ කිරීම අනාගතයේදී, විශේෂයෙන්ම, මාධ්‍ය/කලා/අධ්‍යාපන ක්ෂේත්‍ර වල, රැකියා සඳහා තෝරා ගැනීමේදීත්, ඒවායේ උසස්වීම් දීමේ දී ත් පිළිගැනෙන ඉහළම සුදුසුකමක් වනු ඇත. බලාපොරොත්තූ විය හැකි උසස් දැනුමට අමතරව, පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් ද පිරිනැමේ.
ආසන සංඛ්‍යාව සීමිතය. සංඛ්‍යාව පිරුණු පසු අයදුම්පත් බාර ගැනීීම නවතා දමනු ලැබේ. එහෙයින්, අයදුම්පත් එවීම දිනකින් හෝ ප්‍රමාද කිරීම අවස්ථාව නොලැබීයාමට හේතූ විය හැකිය.
ආදර්ශ අයදුම්පත:
සම්පූර්ණ නම, ලිපිනය, දිස්ත්‍රික්කය, දුරකතන අංකය, විද්‍යුත් ලිපිනය, ස්ත්‍රී/පුරුෂභාවය, විවාහක/අවිවාහකභාවය, රැකියාව, පන්ති පැවැත්විය යුතු යැයි ඔබ සිතන්නේ සෙනසුරාදා/ඉරිදා දින දෙකෙන් කුමන දිනයේද? , අයදුම්කරුගේ අත්සන
අයදුම්පත් එවිය යුතූ ලිපිනය:
බෘහස්පති, 135, සල්ගස් හන්දිය, මත්තෙගොඩ



