Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඇහැට ඇන්නත් පෙනෙන්නේ නැති තරම් කළුවරයි. මූකළන් කැලෑව නපුරු කුණාටු, වසීලිස්සා අඬන්නට පටන් ගත්තා. සාක්කුවේ තිබුණ බෝනික්කාව අරගෙන මෙහෙම කිව්වා.

'අනේ මගේ හොඳ බෝනික්කෝ ගිනි එළියක් ඉල්ලාගන්ට මාව බාබායිගා යකින්නට ළඟට යවනවා. ඈ මිනී කන යකින්නක්. ඈ මගේ ඇට කටු පවා කා දමාවී'

'නුඹ බයවෙන්ට එපා. මා නුඹ සමග ඉන්නා තුරු නුඹට විපත්තියක් වෙන්නේ නෑ. ' බෝනික්කා කිව්වා. -

- 'ලස්සන වසීලිස්සා' පොතෙනි.

ලෝක ළමා දිනය සැමරීමත් එක්කම ළමයි ගැන කතාබහ කරන ප්‍රමාණය වැඩි වන අතර විශේෂයෙන් ළමයින්ගේ අයිතිවාසිකම් ගැන බොහෝ විට කතාකරනු දක්නට ලැබේ. සාමාන්‍යයෙන් මෙලොව එළිය දකින ඕනෑම කෙනකුට අයිතිවාසිකම් ඇත. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ වගන්ති 30කින් පමණ මානව හිමිකම් පිළිබඳ කියවෙන අතර 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් නමින් 111 වැනි පරිච්ඡේදයෙහි විස්තර සඳහන් වෙයි. ඊට අමතරව 1948දී එක්සත් ජාතීන් විසින් සම්මත කළ ජගත් මානව හිමිකම් ප්‍රකාශයට ද ළමා අයිතිවාසිකම් ඇතුළත් කර ඇත. මෙම කුමන අයිතිවාසිකම් තිබුණත් අද වනවිට ළමයි බොහොමයක් විවිධ වධ හිංසාවලට ගොදුරු වෙනවා සේම දරුණු ආකාරයට වහල් මෙහෙයන් සඳහා මෙන්ම ළමුන් සූරා කෑමටත් ලෙඩ රෝගවලට ගොදුරු වීමත් සිදුවේ. පසුගිය යුද සමයේදී අප රටේ ද්‍රවිඩ ජාතික දරුවන් රැසක් බලහත්කාරයෙන් ත්‍රස්තවාදීන් තම ළමා සොල්දාදුවන් වශයෙන් යොදා ගත් බව අමුතුවෙන් කිව යුතු නැත. ළමා සොල්දාදුවන් බඳවාගැනීම පිළිබඳ ගැටලුව බහුලව පවතින්නේ අප්‍රිකාවේ, ආසියාවේ සහ ලතින් ඇමෙරිකාවේය. මෙරට සිවිල් අරගලය පැවති වකවානුවේ දි දහස් ගණන් ළමා සොල්දාදුවෝ මියගියහ. එල්. ටී. ටී. ඊ. සංවිධානය වයස අවුරුදු 10 සිට 12 දක්වා දරුවන් රැසක් සිය අරමුණ ඉටුකරගැනීම උදෙසා යොදාගත්හ. යුනිසෙෆ් සංවිධානයට අනුව ළමයකු වර්ධනය වීමේදී මූලික කාරණා හතරක් අත්‍යවශ්‍ය වන අතර ඒවා වන්නේ,

1. දිවි පවත්වාගෙන යාම
2. ආරක්ෂාව
3. සංවර්ධනය
4. සහභාගීත්වය යන ඒවායි.


සාපේක්ෂව අඩු ප්‍රමාණයක් වන ළමුන්ට තම දිවි පවත්වාගෙන යාමේ ගැටලුවක් මතුවී නැති නමුත් බහුතරයක් දරුවන් අසාධාරණ අයුරින් සැලකීමකට ලක්වෙමින් සිටිති. ඇත. ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වනවිට පවතින්නේ ගැටලු සහගත තත්ත්වයකි. ළමා අපචාර සහ ළමා අපයෝජන වැඩි වශයෙන් වාර්තාවන මේ කාලසීමාව තුළ විශේෂයෙන්ම දරුවන්ගේ ආරක්ෂාවට සිටිනා ඔවුන්ගේ සමීප වැඩිහිටියන් විසින් සිදු කරන ළමා අපචාර ප්‍රමාණයේ ඉහළයාමක් දක්නට ඇත. ළමා සංවර්ධනය තුළ මූලිකවම අවධානය යොමු කරන්නේ ළමයාගේ අධ්‍යාපනය පිළිබඳයි. සංඛයා ලේඛනවලට අනුව අධ්‍යාපන කාර්යයේදී මෙරට බොහෝ ළමුන්ට නිදහස් අධ්‍යාපනය ලබාගැනීමේ අවස්ථාව උදාවී තිබීම නිසා මේ වනවිට ශ්‍රී ලංකාවේ සාක්ෂරතා මට්ටම 92%ක තරම් ඉහළ අගයක් ගෙන ඇත. 2002 වර්ෂයේදී ළමා මිතුරු එළැඹුම යන තේරුම සහිතව පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක තාවය වැඩි දියුණු කිරීම පිණිස ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදි. මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන පෙළේ පාසල් රැසක සිදුකළ සමීක්ෂණයකදී පහත ගැටලු හඳුනා ගන්නා ලදි.

• ගුරුවරුන් ඉගෙනීමේ ක්‍රියාවලිය සිදුකරන අයුරු වර්ධනය කළ යුතුය
• වඩාත් සුරක්ෂිත වටපිටාවක් දරුවන් අධ්‍යාපනය ලබද්දී නිර්මාණය කළ යුතුය.
• පාසල් සඳහා සමාජයේ සහභාගීත්වය වැඩි කළ යුතුය.
• ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පැමිණීම ඉහළ දැමිය යුතුය.

2012 වර්ෂය වනවිට මෙම ව්‍යාපෘතිය පාසල් 1500 දක්වා ව්‍යාප්ත කිරීමට පියවර ගෙන ඇත.

නමුත් මෙරට පාසල් පද්ධති තුළ පවතින ඒ කාකාරී බව සහ අධ්‍යාපනය ලබාදෙන ගුරුවරුන්ගේ දායකත්වය පිළිබඳ ගැටලු රැසක් වෙයි. කොයි තරම් පහසුකම් පිළිබඳ කතා කළද තවමත් බහුතරයක් පාසල් කුකුළු කොටු තත්ත්වයේ පවතියි. එසේම ගුරුවරුන් කොහෙන් හෝ බඳවාගන්නවා විනා පුහුණු ගුරුවරු පමණක් බඳවා ගැනීමේ ක්‍රමවේදයක් නැත. සහභාගීත්වය යන කාරණාවේදී අප රටේ ළමා ප්‍රජාව ඉන්නේ ඉතාම දුර්වල මට්ටමකය. අප රටේ වැඩිහිටියන් බොහෝ දෙනෙක් තම පවුල තුළ තීන්දු තීරණ ගැනීමේදී දරුවන් සහභාගි කරවා නොගැනීම මීට මූලික හේතුවක් වී ඇති අතර මේ නිසා වයසින් වැඩෙත්ම මෙම දරුවන් තුළ හීනමානයක් ඇතිවීම ඉබේම සිදුවන්නකි. තමන්ගේ තීරණ තමන්ටම ගන්න බැරි තත්ත්වයක් මේ තුළින් නිර්මාණය වේ. සාම්ප්‍රදායික පවුල් කුටුම්භයක් ඇති අප රටේ මවගේ සහ පියාගේ අනුදැනුම මත සියලු කාරණා සිදුවන අතරම එවිට ළමුන්ට ඒ සඳහා සහභාගිවීමට ඇති ඉඩකඩ විරලය. මේ නිසා සිදුවන්නේ ළමයාගේ පෞරුෂය නොවැඩීමයි.


ලෝකයේ කොහේ හෝ රටක සිටින ළමයකු තම ළමා කාලයේ දී හිමිකරගත යුතු අයිතිවාසිකම් 21ක් පිළිබඳ ළමා අයිතිවාසිකම් සම්මුතියෙහි දක්වයි. මෙරට ළමා අයිතිවාසිකම් තහවුරු කිරීම උදෙසා 1995 අංක 22 සහ 1998 අංක 29 දරන දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනත්, ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනත, ළමා හා යෞවන ආඥා පනත, කාන්තාවන්, ළමුන් සහ ගැටවරයන් සේවයේ යෙදවීමේ පිළිබඳ පනත සහ ළමා සහ ගැටවර (හානිකර ප්‍රකාශන) පනත යන නීති කෙටුම්පත් සකස් කර ඇත. මෙම නීති තුළින් ළමුන් සම්බන්ධයෙන් පුළුල් පරාසයක් පිළිබඳ සාකච්ඡා කරන අතරම ඒවා පහත පරිදි කාණ්ඩ කර ඉදිරිපත් කර තිබීමද විශේෂත්වයකි.

• ළමයින්ට එරෙහිව සිදුකරන වැරැදි

• ළමයින්ට එරෙහිව සිදු කරන ලිංගික අපයෝජන

දූෂණය කිරීම
බරපතළ ලිංගික අපයෝජන
අස්වාභාවික වැරැදි
තදබල අශෝභන ක්‍රියා
ලිංගික අතවර කිරීම්
කුට්ටනය කිරීම්
ළමයින්ගෙන් අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම
ළමයින්ට හානිකර ප්‍රකාශන

මෙම කාරණා යටතේ ළමා අයිතිවාසිකම් පිළිබඳ විශාල පරාසයක ක්‍රියාකාරකම් පිළිබඳ නීතිය මඟින් සාකච්ඡා කර තිබේ. රට තුළ නීති කොතරම් තිබුණත් සමාජයීය වශයෙන් දරුවන්ට අසාධාරණකම් රැසක් තවමත් සිදුවීම බොහෝ දෙනාගේ අවධානයට පාත්‍රවී ඇත. යුනිසෙෆ් සංවිධානයට අනුව මෙරට සෑම ළමා උපත් පහකින් එකක්ම අඩුබර උපතක් වෙයි. එසේම වයස අවුරුදු පහට අඩු දරුවන් 24%කුත්, වයස අවුරුදු 6ත්, 10ත් අතර දරුවන් 55%කුත් රක්ත හීනතාවයෙන් පෙළෙන තත්ත්වයක් උද්ගතවී ඇත. දරුවන් සමාජයට විවෘත නොකිරීම නිසා වෙනත් රටවලට සාපේක්ෂව ඔවුන්ගේ සමාජ දැනුම් මට්ටම අඩු මට්ටමක පවතින බව යුනිසෙෆ් වාර්තාවක සඳහන්ය. විශේෂයෙන් ලිංගික අධ්‍යාපනය පිළිබඳ මෙරට පවතින බිය නිසාම යොවුන් වියට පත්වන දරුවන් ලිංගිකත්වය පිළිබඳ දැනීමක් ලබන්නේ නැත. මේ හේතුව නිසා ලිංගික අපගාමී චර්යා ඇතිවනවා සේම ලිංගික රෝගාබාධ බෝවීමද බහුලව සිදුවෙයි. එමෙන්ම තවමත් සම්පත් බෙදී යාමේදී පවතින ගැටලුව හේතුවෙන් මෙරට ග්‍රාමීය ළමුන්ට ඉතා පහත් තත්වයක් මතුව ඇත. විශේෂයෙන් තොරතුරු තාක්ෂණය සහ දැනුම ඉහළ පැලැන්තියේ දරුවන්ට සීමාවීම තුළ ඔවුන් එය සමාජ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමේ අවියක් කරගෙන සිටියි. මේ තත්ත්වය වෙනස් කර සියලු දෙනාට සම අයිතිවාසිකම් ලැබෙන්නේ වැඩ පිළිවෙලක් සකස් කිරීමට කාලය එළැඹ ඇත. පාසල්වලට පරිගණක ලබාදීමෙන් හෝ ඩෙස්, පුටු ලබාදීමෙන් පමණක් දරුවකු මනාව සැකසිය නොහැකි වෙයි.

ළමා අයිතිවාසිකම් සම්මුතියෙහි සඳහන් අයිතිවාසිකම්

• රජය කිසිදු විශේෂයකින් තොරව ප්‍රඥාප්තියේ සඳහන් සියලු අයිතිවාසිකම් ළමයින්ට සහතික කළ යුතුය.
• ළමයාගේ හැකියාවන් වර්ධනය කිරීමෙහිදී මවුපියන්ගේ අයිතිවාසිකම්වලට ගරුකළ යුතුය.
• උපතේ සිට ළමයාට නමක් සහ ජාතිකත්වයක් සඳහා හිමිකම් ඇත.
• මවුපියන් සමග සිටීමේ අයිතිය තහවුරු කළ යුතුය. පවුල් එකමුතු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතුය.
• තමාට බලපාන කරුණු සම්බන්ධයෙන් තම මතය ප්‍රකාශ කිරීමේත්, තම මතය සැලකිල්ලට ගනු ලැබීමේත්, තොරතුරු ලබා ගැනිමේත්, චින්තනයේ හෘදසාක්ෂියේ සහ ආගමික විශ්වාසයේත්, සමිති සමාගම්වලට බැඳීමේත් අයිතිය ළමයාට ඇත.
• ළමයින් සියලු ආකාරයේ අතවරවලින් ආරක්ෂා කළ යුතුය. පවුල් පරිසරය අහිමිවූ දරුවන් සඳහා විශේෂ ආරක්ෂාව සැලසිය යුතුය. දරුකමට
• හදාගැනීම ළමයාගේ වැඩීම යහපතට හේතුවන පරිදි පමණක් කළ යුතුය. සරණාගත ළමයින්ට ආරක්ෂාව සැලසිය යුතුය. ආබාධිත දරුවාට අවශ්‍ය විශේෂ
• රැකවරණය අධ්‍යාපනය හා පුහුණුව සැලසිය යුතුය.
• හානිකර ළමා ශ්‍රමයෙන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන්, අයුතු ලෙස ලිංගික ක්‍රියාවල යෙදවීමෙන් සහ
පැහැරගෙන යෑමෙන් හා විකුණනු ලැබීමෙන් ආරක්ෂාවීමට අයිතියක් ඇත.
• බලයක් පිළිබඳ යුක්තිය පසිඳලීම ළමා සුබසාධනයට ඉවහල් වන පරිදි කළ යුතුය.


රට තුළ පවත්නා ළමා ලිංගික අපචාර සහ ළමා අපයෝජන පිටුදැකීමට ශක්තිමත් යාන්ත්‍රණයක් සැකසිය යුතුය. රජය දරුවන් පිළිබඳ නිරන්තරයෙන් කතා කළත් ඔවුන් ක්‍රියාකරන්නේ මන්දගාමීවය. දරුවන් බලාත්මක කිරීම වනාහි රටේ අනාගතය ශක්තිමත් කිරීමක් වෙයි. ඔවුන් බලාත්මක කිරීම තුළින් සමාජ සුබ සාධන නිරායාසයෙන්ම ගොඩනැගේ. අද පාසල් ඇරී දරුවකු ගෙදර එනතෙක් ඔහුට හෝ ඇයට යම් විපතක්, ලිංගික අඩන්තේට්ටමවලට මුහුණ දීමට සිදුවීමක් හෝ සිදුවී දැයි යන බිය ඕනෑම මව්පියෙකු තුළ පවතියි. විශේෂයෙන් තාක්ෂණය හා යොවුන් පරපුර අතර ගනුදෙනු විශාල වශයෙන් සිදු කෙරෙන අතර මේ හේතුවෙන් නොමඟ යන ප්‍රමාණය ඉහළ අගයක් ගනියි. මේවා නැවත්වීමට වඩා පාලනය කිරීමට ස්ථීර වැඩපිළිවෙළක් අනිවාර්යෙන් අවශ්‍ය වෙයි. ඕනෑම අසභ්‍ය දෙයක් නරඹා ඒ අනුව හිස සකසාගන්න යෞවනයා තමාගේ ආශා ඉටුකර ගැනීම උදෙසා ඕනෑම අයකු යොදා ගැනීමට නොපසුබට වන්නේ මේ නිසාය. ඒ අනුව අපට පැහැදිලි වන්නේ ලාංකේය ජන සමාජය තුළ කොතරම් නීති පැවතියද ඒවා ළමුන් උදෙසා ක්‍රියාත්මක වීම දුර්වල මට්ටමක පවතින බව නොවේද? සාහිත්‍ය මාසය තුළම සහෘදත්වය සංවේදීත්වය කතාකළ අපට ඔක්තෝබර් පළමු වැනිදා සිට සිතන්නට දෙයක් ඇත. එනම් මෙම කියවීමේ මාසය තුළදීවත් දරුවන්ගේ ඉදිරි යහපැවැත්ම උදෙසා යම් පියවරක් ගැනීමයි. එසේ නොවුණහොත් සිදු වන්නේ චිරාත් කාලයක් තිස්සේ දරුවන්ටත් ඇඳුරේ අතපත ගෑමට සිදුවීමයි. නීතිය තිබියදී අසාධාරණයට ලක්වීමට සිදුවීමයි. මන්ද එතරම්ම වර්තමාන ලාංකේය සමාජයේ ධර්මතාවයන් බිඳවැටී ඇත. සියලු ගැටලු මැද ළමා දිනයේදී පමණක් ළමයාව සිනහ වන්නේ එවන් වාතාවරණයක් තුළදීය. මෙවන් තත්ත්වයක් හමුවේ අපට ආසියාවේ ආශ්චර්ය බවට පත්විය හැකිද? නැතහොත් තවදුරටත් අමනුෂ්‍ය යකුන්ට ළමුන්ව බිලිගන්නට ඉඩදී අප බලා සිටිනවාද?


ළමයෙක් යනු වැඩිහිටි පුද්ගලයෙක් මෙන් නොව නොමේරූ, කායික මානසික තත්ත්වයක සිටින ජීවියෙකි. මේ නිසා ඔවුන් වැඩිහිටියන් බවට පත්වන තුරු වැඩිහිටියන්ගේ අනුදැනුම අවශ්‍ය වන නමුත් ළමුන් පිළිබඳ තීරණ ගැනීමේදී වැඩිහිටියන්ට පමණක් තීරණ ගැනීමට ඉඩ නොතබා ඒ සඳහා ළමුන්ද සහභාගි කරවා ගැනීමෙන් වඩාත් ප්‍රායෝගිකව ළමා ගැටලු විසඳීමට හැකියාව ලැබේ.

කසුන් සමරකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails