
මේ තරම් දිගු සැඳෑවක්
අපට හමුවී
නැති බව
සත්තයි
අකාලික ප්‍රේමයට
කාලයට පෙර දැමූ
පිච්ච මල් සුවඳ පුයරේ
සුවඳ හැර ගිහින් තිබුණා
වස්සානයේ සිහින
වැළලී ගිය තැන්වල
සොහොන් කොත්
අකුරු අතරින්
උස්ව පෙනුනා
ඔබ ආසම කරන
ගාර්ඩනියා මලක
පරව ගිය පෙත්තක්
ඒ අසල රැඳී තිබුණා
ආදරය
මේ වගේ
මෙන්න මේ
හැන්දෑව වගේ
කොමාවක් අසල
තිත් පේළියක් දමා
ඔබ ලියා තිබුණා
ඒත්
මේ තරම්
දිග නොවූ
ඒ සන්ධ්‍යාව
ප.ලි
ලිපියේ අවසන් ඔබ මෙසේ ලියා තිබුණා "හැමදාම ආදරෙයි "
සුසානයේ සන්ධ්‍යාවක්
මේ තරම් දිගුද ?
ක්‍රිශාන් රාජපක්ෂ
කවි බූන්දි | පැරණි පෙම් හසුනක් සමග තනිවීම හෙවත් සුසානයේ සන්ධ්‍යාවක් - [ක්‍රිශාන් රාජපක්ෂ]
Posted by
BoondiOnLine
10.12.2012



