Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අඟල අඩියකට මැන ගෙන
මඩ කන දෙපතුල් ඩැහැගෙන
කුණු ලේ රහ තොල ගාන්නෙ
අනුකම්පාවට බැන බැන...

බත් කුඹුරේ මී හරකුන් ගෙන් බැටකන
උදේ හවා රබර් යායෙ කොන්ද නවන
ඛිම් බංගුවෙ තුන් පංගුව ලිපේ දමන
උඩු මහලේ උන්ට මොණර කොළ පෙන්නන...

දාඩිය පොකුරු මල් ඉහලට දන් දෙනවා
එදා වේල පොල් රොටියෙන් ගුටි කනවා
මඩේ ඉඳන් මඩ කන උන්ගේ දෙපතුල්
පුඩ්බෝඩ් එකේ ලැගගෙන ලේ බොනවා....

ඉර ඇවිලී ගිණි කබලේ හිස් කබලේ
තෙපි ඇවිදින් ගහන පිණුම් යටි පතුලේ
සුදු ආප්පෙ තැම්බෙනවා මැද කබලේ
තන්ඩලේ අදිනවා කඳු,ඉඳගෙන දෙපොලේ...

අධිවේගී පාරෙ දුවන වාහන වල
අඟේ ඉඳන් කන මිරිකන උස් තැන්වල
මේස් දාපු සපත්තු යට, ලේ උරන්න බෑ උඹලට
අබ සරණයි..! අපිට,පිළුණු දෙහි බෑ වල...

ජයන්ත නිමල් සිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails