Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



[2012 ජූනි 22 දින පාවුලෝ කොයියෝ ලියූ බ්ලොග් සටහනකිනි.] ලේඛනය පිළිබඳ විටින් විට මා විසින් ප්‍රකාශ කරන ලද කරුණු එක්තැන් කොට පිලිපීන ජාතික ජෙරමි තම බ්ලොග් අඩවිය තුල පළකොට ඇති බව මා දුටුවේ අහම්බෙනි. මේ, ඒ කරුණු නැවත ඔබ හා බෙදා ගැනීම පිණිසයි.

ආත්ම විශ්වාසය- ඔබ විසින් මේ මොහොතේ ප්‍රකාශයට පත් කරන ලද පොත් ඔබ විසින් අවතක්සේරු කරන්නේ නම්, ඔබේ ඊළඟ ප්‍රකාශයට පත් වීමට නියමිත පොත් පිළිබඳව විශ්වාසය තැබිය නොහැක. එබැවින් ඔබ සතු දේ පිළිබඳ හැමවිටම ආඩම්බර වන්න.

විශ්වාසනීයත්වය- හැමවිටම ඔබේ පාඨකයා මත විශ්වාසය තබන්න. සියළු දේ පැහැදිලි කරන්නට යාමෙන් වළකින්න. ඔවුනට ඉඟියක් ලබාදෙන්න. එවිට ඔවුහූ එම ඉඟිය ඔවුන්ගේ පරිකල්පනීය අවකාශය තුළ සම්පූර්ණ කර ගනිති.

ප්‍රවීණත්වය- කිසිත් නොමැති බව තුල ඔබට කිසිවක් ලබාගත නොහැක. පොතක් ලියන්නේ නම් හැමවිටම ස්වකීය අත්දැකීම් භාවිතයට ගන්න.

විචාරය- ලේඛකයාට අවශ්‍ය වන්නේ ස්වකීය පාඨකයන් තෘප්තිමත් කිරීමයි. ලේඛකයෙකු ලෙස ඔවුන් ඔබ හඳුනාගැනීමයි. එබැවින් එය ඔබ විසින් නොසැලකිය යුත්තකි. ඔබ සැලකිලිමත් විය යුත්තේ අනෙක් ලේඛකයන් පිනවීම හෝ තෘප්තිමත් කිරීම නොව ඔබේ ආත්මය පාඨකයා හා බෙදා හදා ගැනීම පිළිබඳ පමණි.

සටහන් ලබා ගැනීම- ඔබට අදහස් ග්‍රහණය කිරීමට අවශ්‍ය නම් ඉන් වන්නේ ඔබ මුලා වීම පමණි. එමගින් ඔබ භාවයන්ගෙන් වියුක්තවනවා මෙන්ම ඔබේ ජීවත්වීම වුව අමතක කරනු ලබයි. එමගින් ඔබ නීරික්ෂකයෙකු බවට වන අතරම ඔහු හෝ ඇයගේ ජීවිතය ගෙවමින් සිටින මනුෂ්‍ය ප්‍රාණියකු නොවනු ඇත. එබැවින් සටහන් ලබා ගැනීමෙන් ඈත් වන්න. එවිට අනවශ්‍ය සියල්ල බැහැරට ඇදෙන අතර අත්‍යවශ්‍ය දේ පමණක් ඉතිරි වේ.

පර්යේෂණ සහ ගවේෂණ- ඔබ විසින් සිදුකරන ලද පර්යේෂණයන් හා ගවේෂණයන්ගෙන් ඔබේ පොත පුරවන්නට උත්සහ දරන්නේ නම් එය ඔබට මෙන්ම ඔබේ පාඨකයාටද නීරස අත්දැකීමක් වේ. පොතක් ලියන්නේ ඔබේ ප්‍රඥාවේ තරම පෙන්වීමට නොවේ. එය ඔබේ ආත්මය ඔවුන් හා බෙදා ගැනීමටය.

ලිවීම- මා ලියන්නේ මා ලිවිය යුතු පොත මිස අන් කිසිවක් නොවේ. ආරම්භක වැකිය පසුපස ඇත්තේ එහි අවසානය කරා ඔබ රැගෙන යාම පිණිස සම්බන්ධිත හුයයි.

ශෛලිය- කිසිවිටෙකත් කතන්දර කීමේ අමුතු කලාවක් නොසොයන්න. ඒ වෙනුවට වඩා හොඳ කතාවක් තෝරාගන්න. එය අපූර්ව මායාවී දෙයක්. මං දැකලා තියෙන දෙයක් තමයි බොහෝ දෙනෙක් එකම දේ විවිධාකාරයෙන් ඉදිරිපත් කරන්නට ශෛලිය ගැන වදවෙන ආකාරය. ශෛලිය හරියටම ඇඳුමක් වගෙයි. එහෙත් ඒ ඇඳුමෙන් කිසිම වෙලාවක එතුල ඇති දේ පිළිබඳ නිශ්චිත ප්‍රකාශනයක් දෙන්නේ නෑ.

-paulocoelhoblog.com

පාවුලෝ කොයියෝ
පරිවර්තනය - හිමේන්ද්‍රි කරුණාරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails