
ජනාධිපති (අවුරුද්දකට කලින් තමන්ම වෙඩි තියාගෙන මැරුණු) ලකීගේ දානෙ ගෙදර යයි.
-පුවතක්
රජු-
පොඩි කාලේ මරඳවැල්ලේ- වැලි බාත් උයාපු කෙල්ලේ
වැළලී ගියා අතීතේ- කෝ බැන්ද ඕලු මාලේ
දඟ කම් කළාට කම් නෑ- මා නම් දුවේ තරහා නෑ
රුචිරාණෙනී අහන්න- එන පාර බුලත කන්න
හිරු-
අප්පා මළාට කම් නෑ- මට නම් අපෝ මතකත් නෑ
නිරිඳාණෙනී අහන්න- එන පාර බුලත දෙන්න
ලකී-
ඔබගේ මුවින්ම කිවු දේ- ඔබ ඇයි ප්රියේ කඩ කෙරුවේ
රුචිරාණෙනී අහන්න- තව පාරක් මා මරන්න
දුමී-
ඔළුවෙත් ප්රියේ පලුවක් නෑ- මගෙ නම් හිතේ කහටක් නෑ
නිරිඳාණෙනී අහන්න- බුලතක් මටත් තියන්න
ඩෝං පුතා



