
ඉර විඳිමි
නිල් ඉරි කමිස තුළ
පරණයි නම් තමයි
එහෙත් ඉරිදා ඉර
මේවා නැවුම් කර ඇත
දිවා කෙටි නින්දට පසු
කාලය මිදෙයි හෙමිහිට
විඳ ඉරේ සුසුවඳ
මැද නමමි නිල් ඉරි කමිස
සොයමි මම තවමත්
ඔබෙන් ලද කමිසය මෙන්
වෙනත් නිල් ඉරි කමිස
සුදු පසුබිමෙහි
ඇද නැති සිහින් නිල් ඉරි ඇති
මධු බඳුනක් සමඟ
හිඳගනිමි සඳ මත
පෙනේ දුර ඈතින්
මල් පිපෙන, නිල් දළු ලන
මහ පොළොව
ඉසුරු චාමර සෝමවීර



