
එකැසක කවකි අනෙකෙහි සේයාරුවකි
එදෙකින් දෙපස සරසාලූ පෙළහරකි
සිත පතුළෙහිම ඇති නොපතළ තව ඇසකි
එහි පෙති දෙපෙති දැක පළ කළ මදහසකි
කවියක බරට කඳුළක් සොලවන සිතකි
සියපත රැගෙන කළලෙහි බැස යන කෙනෙකි
දොසරුත අසළ අවියක් අමුණන බසකි
ඉතිහාසයක ගඟ වක් වී යන තැනකි
[ඡායාරූපය- සකුණ එම්. ගමගේ]
ලක්ශාන්ත අතුකෝරල



