
නිමාකොට
පැය අටේ
රෑ වැඩ මුරය
උදේ අට වන විට…
හනිකට
පැමිණ
නිදියමි
අටසීයෙ කුලියට
අටයි අට
කාමරේ
බ්ලොක් ගල්
බිත්ති මැද…
නැගිට
නිදි ගැට කඩ කඩ..
ගිහින්
කහ පාට අව්ව මැද..
රැගෙන එමි
මාතර බත් කඩේ
අසූවෙ බත් එක
උදේ දවල්
දෙකටම…
රට වටේ
අට දෙසින් ආ
දහ අටෙන්
එකෙක් ළඟ ඇති
කලු සුදු
රූප මැද…
විඳිමි විසිතුරු
රෑ අටට
සජීවී සමබර
ආරන්චි විස්තර…
කළවම් හොදි සමඟ
ඉඳි ආප්ප
එක්ක..
දියවෙයි ජීවිතේ
අටදාහෙ
පඩියට
සැනසෙමි සිතා
මේ යැයි
අට ලෝ දහම
වැඩ අටම
සමත් මම….
කෞශල්‍ය පතිරණ



