Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පිපිරුණ සබන් බෝලයකින්
බිම වැටුණු කවියක
වියරණ දොස් තිබුණු බව
ඇය ලියා එවා තිබුණා.

හොර නිධන් හාරන්නකු මෙන්
හිත් පතුළ පාරා මතුකරගත්
අවසාන හැඟුමත්
හැඟුම්බරවුණු මොහොතක
වියරණ දෝස.

ඇයටත් හිතෙන දේවල්.

"බෝල අතකුරු වුණත්
කැලැත්තෙන විට අවකාශයේ
ඇද වෙන්න පුළුවනි."

"පේ‍්‍රම කවියක් වුණත්
රිදුම්දෙන විට සන්තානයේ
ඇති වෙන්න පුළුවනි."

"මිරිඟුව" නො පවතින දෙයක් නම්
ඒ වචනය මොකටදැ?" යි
ඇගේ ලියමන අවසානයේ
ඇය ප‍්‍රශ්න කර තිබුණා.

මා ඇගෙන් නොව
ඔබෙන් විමසන්නේ එකමෙක දෙයයි
‘ආදරය’ ගැන
ඔබ හිතන්නේ කොහොමද?

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails