
පතන් බිම මැද
නිහඬ මහ රත්මල් ගහ මුල
ගොල්ලේ වැටී ගුලිවී නිදන
පුංචි රත්මල් කැකුල
ඉලුක්-මානා වහලද
උදුරන් දුවන
කීවා නාහන හුළං කෝඩය
වැඩිපුර මල් නොදෙන
ගහේ මල් එක දෙකත්
බිම දමන
තෙතමනක් නැති හීතල
කටු අනිණ සඳ
මොහොතින් මොහොත
මේ පාලු මුඩු බිම් අතැර
කී වරක් නම්
පලායන්නට සිතුණද
කොතෙක් බිම වැට්ටුවද
සුළඟ නිදිගන්න තුරු හිඳ
යළි යළිත්
තම පමණ මල් නගන
මහලු මහ රත්මල් ගස
විලංගුලයි මා
දුගී පා පොඩි වලට
අහස ලුහුබඳින පපු තුරට
නිරාෂ ගුණසේකර



