Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



එකෝමත් එක කැලෑබද රටක ෆොනියා කියලා පොදු අපේක්සක දර කපන්නෙක් හිටියා. ඕං උන්නැහේ දවසක් තමංගෙ යාලු දරකපන්නො සැට් එකත් එක්ක කැලේට ගේමක් දෙන්ඩ හිතාගෙන පපුවත් ඉස්සරහට දාගෙන අත් පොරෝ- දැති පොරෝ- කියත් එහෙම වන වන මහ හිමේ මැද්දෑවෙ ගාටනවා. ටිල්ලියා ෆොනියගෙ අමුඩ කෙටියෙ ගෑවි නොගෑවි යනවා. සෝමෙයයි, අනුරයයි ජාත්යන්තර කම්කරු ගීතය මුමුණ මුමුණා යනවා. දබර කරන දබරයා පිරිත් කිය කියා යනවා. රන්නා සෝමාරියා; කූඩැල්ලන්ට බයෙන් බිම බල බලා යනවා. සජ්ජා මහ ගඩ්ඩා; ෆොනියටයි රන්නටයි මැද්දෙන් මද්යස්තව ගාටනවා. සෝවන් නන්දයා යන ගමන් නව ගුණ වැලේ ඇට ගයිනවා. වැලේ වැල් නැති කරුවා; එල්ලෙන්ට හොඳ වැල් තියේද බල බලා යනවා. ෆොනියා මට ඔබ විස්වාසයි සිංදුව කියන්න ගත්තා. කස්ටිය තාලෙ ඇල්ලුවා විතරයි ඔන්න බොල ඈත හිමෙං මග ගණ කළු ගලක් වගේ බිබික්කමක් පෙරලි පෙරලි එනවා පේනවා. සැට් එක නැවතුනා. ඕං අර කලු ගුලිය එන්ට එන්ටම ළං වෙනවා පිංවතුනි. බැලුවහම කවුද? වලහා. වලහා!

පිංවත්තු හිතපු විදිහ හරි. වීරයො සැට් එක හතර අතේ ඔරේ රන් එක. දබරයා දබ තේක්ක ගහකට නැංගා. (සොරි පිංවත නැග්ගා නොවෙයි වැඩ්ඩා.) ටිල්ලියා ටිං ටිං ලේනෙක් වගේ කලුවර ගහකට නැගලා කලුවරේ හැංගුනා. සෝමයයි අනුරයයි පුවක් ගහකට නැගලා දෙබල් දෙක දිගේ ගෙහුං පුවක් කරටි දෙකේ හැංගුනා. රන්නා; රනිල ශාකයකට- සජ්ජා බෝ ගහකට- කරුවා කරපිංචා ගහකට- සෝවාන් නන්දයා තුත්තිරි ගහකට ආදී වසයෙන් නැගලා හැංගුනා.

අනේ පිංවත, ෆොනියා තනේ තනියම වනේ තනිවුනා. මිනිහට එක පාරටම පරණ ගම කතාවක් මතක් වුනා. කෙහෙල් කොටයක් මුලින් කපා හෙලන්නැහේ, ෆොනියා මළාක් වගේ බිම දිගා වුනා. ගස් උඩ හිටිය වීරයො සැට් එක සීන් එක ලයිව් බලන් ඉන්නවා. රන්නා බාරයක් ගැට ගැහුවා අනේ ඕකව වලහම දෙරි ගහපිය කියලා. මොන පිස්සුද මෙන්න යකෝ මැරිල වගේ ඉන්න ෆොනියට වලස් තඩිය කණට කරල මොනවද කියනවා. කියලා වලහා ලැසි ගමනේ ඕං යන්ට යනවා. වලහ ගියා කියල සැක ඇරලා දැන ගත්තු වීරයො සැට් එක ගස් වලින් බැහැලා ඇවිත්, ගම කතාවෙ විදිහටම, ෆොනියගෙන් ඇහුවා වලහා මක්ක කිවුවද කියලා.

ඕං ෆොනිය කට ඇරියා.
"වලහා කිවුවා විපතේදී හැර යන උඹලා වගේ යාලුවො එක්ක හයිඩ් පිටියෙ මීටිමක්වත් තියන්ඩ පුළුවන්ද? වහාම ඇවිත් කිලිනොච්චි යන්න ලෑස්ති වෙයන්. මං උඹව කේ. පී. ගාව ට්‍රේනිං දාන්ඩ හිතන් ඉන්නෙ කියලා"

අයියෝ සල්ලි! සැට් එක තූ තූ වෙලා සී සී කඩ වුනා.

කක්ෂපුට



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails