
ය'නෙන කොට එක මඟ
දාවලට කුඩු කෑ බව
කීවොතින් කාටවත් - හින්දම
නටන්නට උනා මට
උඹ ගහන පදේටම..
ඉල්ලීම් පුරන්නට
කඳ දෙකට නවන්නට
ලැජ්ජාව වහගන්න
රූකඩේ නටනවා..
ගලේ පැහැරපු බළලෙකුට
අත් පොත් දි දී..
නිය පිරිත්තං පීරි ගානවා..
වටිනවාද? බැරිකම ගෙන අඩුක්කුවට තියාගන්න
ගෙම්බො පනින ලෙංගතුවට බැහැ මගෙ හිත හදාගන්න
අනුන්ගෙ දේවල් හොය හොය මම නම් හොඳ සුදන වෙන්න
උඹේ යාලු කම දීපන්.. දවසට කුලියට අඳින්න..
වළහ කන්න ආ දවසෙත් උඹ ගහකට බඩ තිබ්බා
බැරිකම ළඟ දෙරි ගහගෙන පොළොව දිගේ පණ තිබ්බා
වචී පරම යාළු කමට වළහත් මට දෙස් තිබ්බා
උඹත් එක්ක එක මග ගිය මමයි මෝඩ ගල් ඉබ්බා
ඇති. . ඇති. . උඹ හිතුවද? සුදු රෙදි පොරවා ගෙන ආයේ
බිතු සිතුවම් රූප එපා යාළු කමට මට ආයේ
කාගෙත් කිල්ලෝට වලට නෑ නිකම්ම හුණු ආයේ
හිතා ගනින්..! මලේ උඹත් මගේ පතෙන් කුඩු කෑයේ
ජයන්ත නිමල් සිරි



