Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අධ්‍යාපනය හා ප‍්‍රාග්ධනය අතර සම්බන්ධය

අපි අතීතයට යමු. සරල උපකරණ හා මිනිස් ශ‍්‍රමය පමණක් භාවිතාවූ කාර්මික විප්ලවයට පෙර යුගයේ අධ්‍යාපනය බොහෝ විට ආගමික පසුබිමක් සහිත වූ අතර යුරෝපයේ කතෝලික පල්ලිය ආශි‍්‍රතව ද ආසියාවේ පන්සල් කෝවිල් ආශි‍්‍රි‍්‍රතව ද අධ්‍යාපනය කේන්ද්‍රගත වී තිබිණි. සමාජ නිෂ්පාදනයට එවකට අධ්‍යාපනය හරහා පුහුණු ශ‍්‍රමයක් අවශ්‍ය නොවුනු අතර අධ්‍යාපනය හරහා සිදුවූයේ සමාජ පිළිවෙල ආරක්‍ෂා කර ගැනීම පමණි. පාලකයාට අවනත වීම, නීති රීති වත්පිළිවෙත් පිළිබඳව දැනුවත් වීම ආදී දේ මේ අතරට ගැනිය හැක. තවද මිනිසාගේ රසවින්දනය සඳහා වූ කලා කර්මාන්ත අධ්‍යාපනයට සම්බන්ධව තිබුනු අතර මෙම යුගයේ කායික ශ‍්‍රමය ප‍්‍රමුඛ වූ අතර බුද්ධිමය ශ‍්‍රමය බොහෝ විට නිෂ්පාදන ක්‍ෂේත‍්‍රයේ නොව ආගම කලාව වැනි දෘෂ්ඨිවාදී ක්‍ෂේත‍්‍රයක රැඳී තිබිණි.

මධ්‍යතන යුගය, පුනරුදය, බුද්ධි ප‍්‍රබෝධීක යුග පසු කරමින් කාර්මික විප්ලවයට පසුව යාන්ති‍්‍රක ක‍්‍රමවේදයන් නිෂ්පාදන ක්‍ෂේත‍්‍රයට පැමිණීම සමග නුපුහුණු මිනිස් කායික ශ‍්‍රමය වෙනුවට නිෂ්පාදනයට පුහුණු කායික ශ‍්‍රමය ඇවැසි විය. මේ නිසා අධ්‍යාපනයට මෙම පුහුණු ශ‍්‍රමයට අදාල දැනුම එකතු වන අතර අධ්‍යාපනයේ තිබුනු ආගමික ශික්‍ෂණ ස්වරූපය වෙනස්ව නිෂ්පාදනයට ඝෘජු සම්බන්ධ ස්වරූපයකට වෙනස් විය. මෙම යුගයේ විෂයමාලාවලට යාන්ත‍්‍ර සූත‍්‍ර පිළිබඳ යාන්ති‍්‍රක දැනුම එක් විය. ඒ සමගම ධනවාදයේ ඇරඹූම සමග පාරම්පරික හා සාම්ප‍්‍රදායික කෘෂි කර්මයට වැඩි නිෂ්පාදනයක් වෙනුවෙන් නව දැනුම එකතු වූ අතර ඒවාද අධ්‍යාපන ක‍්‍රම වේදයට එක් වී බටහිර විද්‍යාව ලෝකයේ අධිනිශ්චය විම සිදු විණි. මෙම නිසා විද්‍යාත්මක ක්‍ෂේත‍්‍රය ද අධ්‍යාපනයට එකතු වූ අතර කාර්මික විප්ලවයෙන් පසු සිදුවන ඵලදායිතා විප්ලවය තුල මානව කලමණාකරණය, මූල්‍ය කලමණාකරණය, ප‍්‍රචාරණය වැනි විෂයන් වල වර්ධනය සමග මෙම අධ්‍යාපනයේ සිදුවන ක‍්‍රමික විකාශනය පරිඝනක තාක්‍ෂණය ඩිජීටල් තාක්‍ෂණය යනාදී නිෂ්පාදන ක්‍ෂේත‍්‍රයට එකතු වන නව ක්‍ෂේත‍්‍ර ඒ හා සමගාමීව අධ්‍යාපනය තුල තහවූරු වේ. සරලව කිවහොත් නිෂ්පාදනය හා අධ්‍යාපනය අතර ඇත්තේ දයලෙක්තික සම්බන්ධයකි.

රාජ්‍යය හා ප‍්‍රාග්ධනය අතර සම්බන්ධය

මධ්‍යතන යුගයේ පල්ලියේ ආධිපත්‍යට අනුව හැසිරුනු රාජ්‍යය ක‍්‍රමයෙන් නූතන ජාතික රාජ්‍ය ස්වරූපය කරා විකාශනය විය. මධ්‍යතන යුගයේ රාජ්‍යයේ සිට රාජ්‍ය සුභසාධනවාදී රාජ්‍ය දක්වා ප‍්‍රාග්ධනය හැසිරවූයේ රාජ්‍යය මගිනි. නමුත් නූතන ලිබරල්වාදී අදහසට අනුව රාජ්‍යය කෙමෙන් ප‍්‍රාග්ධනය හැසිර වීමේ තම අධිකාරය විසුරුවා හරිමින් නැතිනම් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කරමින් (පෞද්ගලිකරණය කලමණාකරුවෙකු පමණක් බවට පත් වෙමින්) සිටී. මේ තුල අපට සරලව වටහා ගත හැක්කේ රාජ්‍ය ප‍්‍රාග්ධනය හා පෞද්ගලික ප‍්‍රාග්ධනය ලෙස ප‍්‍රාග්ධනය වර්ග කල නොහැකි බවයි. පසු ගිය ආර්ථික අවපාතය අවස්ථාවේ ඇමරිකාවේ පෞද්ගලික බැංකු මූල්‍ය සමාගම් බිඳ වැටුනු විට ඒවා යලි නගා සිට වීමට කටයුතු කලේ ඇමරිකානු ආණ්ඩුවයි. ඒ මොහොතේ රාජ්‍ය හා පෞද්ගලික ලෙස ප‍්‍රාග්ධනයේ වෙනසක් නැත. අනාගතයේ යම් දිනක රාජ්‍ය ප‍්‍රාග්ධන කි‍්‍රයා වලියෙන් ඈත් වීම ධනවාදයේ නිසඟ අර්බුදය විසින් අනතුරේ හෙලූ විට රාජ්‍ය සුභසාධනවාදය කරා යලි ධනවාදය පල්ලම් බැසීමට ද පුළුවන. 1956 බණ්ඩාරනායක ආණ්ඩුවේ ජනසතුකරණය හා රනිල් වික‍්‍රමසිංහ යුගයේ පෞද්ගලීකරණ කි‍්‍රයාවලිය සසඳන්න.

ධනවාදය නම් වර්තමාන සමාජ ක‍්‍රමය තුල කි‍්‍රයාත්මක වන ධනේශ්වර ප‍්‍රාග්ධනය රාජ්‍ය හෝ පෞද්ගලික වෙනසකින් තොරව ප‍්‍රාග්ධනය රාශීභූතකරණය කරමින් සිටී. ලංකාවේ වාමාංශිකයින් කොතරම් රාජ්‍ය ප‍්‍රාග්ධනය සුජාත කරමින් පෞද්ගලික ප‍්‍රාග්ධනය අවජාතක යැයි විවේචනය කලද අවසාන වශයෙන් සිදු වන්නේ වාමාශික විවේචනය ද ප‍්‍රග්ධන තර්කනයට හසු වීමයි.

වර්තමාන වාමාංශික ක‍්‍රම විරෝධී අරගලයේ සටන් පාඨය විය යුත්තේ කුමක්ද?

වාමාංශික ව්‍යාපාරය ලෙස පැහැදිලිව රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණයට එරෙහි වීම හා පෞද්ගලීක ව්‍යවසාය යලි රාජ්‍ය පද්ධතියට අන්තර්ග‍්‍රහණයට යන සටන් පාඨ දෙකම ධනවාදී ප‍්‍රාග්ධන තර්කනය ශක්තිමත් කරන්නක් බව වටහා ගත යුතුය. වර්තමාන අධ්‍යාපන අර්බුදය තුල වමේ ව්‍යාපාරය කරමින් සිටින්නේ ඉහත කි‍්‍රයාවලියයි.

ලංකාවේ රාජ්‍ය ආදායමෙන් සියයට හයක් (6%) අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලෙස සටන් පාඨයක් ඉදිරිපත් වී තිබේ. ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් රාජ්‍ය නොවන ක්‍ෂේත‍්‍රයන්ගේ කොතරම් පංගුවක් වැය කරයිද? අඩුම වශයෙන් සියයට තිහක් හෝ විය හැක. අප මුලින් සාකච්ඡා කල පරිදි ධනවාදී ප‍්‍රාග්ධනය යනු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ එකතුවයි. එසේ නම් අධ්‍යාපනය සඳහා ධනවාදී ප‍්‍රාග්ධනය අවම වශයෙන් සියයට තිහක් හෝ ඊට වැඩියෙන් වැය කරයි. එසේ නම් අප වටහා ගත යුත්තේ අධ්‍යාපනයේ දෘෂ්ඨිවාදීමය භාවයයි. මුළු දල දේශීය නිෂ්පාදනය හෝ මුළු රාජ්‍ය ආදායමම වැය කර වුවද ශක්තිමත් කරන්නේ හා ගොඩනගන්නේ මේ කුරිරු ධනවාදය හා එය ආරක්‍ෂා කරන බැතිමතුන් නම් අප විරුද්ධ විය යුත්තේ සමස්ත ධනවාදී අධ්‍යාපනයටමය. නැතිනම් මේ මොහොතේදීත් ඉතිහාසයේ පරිදිම වාමාංශික ව්‍යාපාරය න්‍යාය විරෝධී වීම යන ඓතිහාසික වැරැද්දේ ගොදුරක් බවට පත් වනු ඇත.

චතුර මධුසංක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails