Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වන හිස ඉපල් අතු අතර
කැබැලිතිව දිස් වේ පොහොය සඳ

වන ඉවුර රුක් පාමුල
වෙලී නැළවෙන රළ
අඳුර මැද විසිරෙන සඳ දිය
උරා බොන මොහොතක

සීත සුළඟක් සපැමිණ
ගඟ දියෙහි පාවෙන
ඔරුව මත දැල්වෙන පහන් සිල
නිවා දැමුමට වෙර දරනතර
එදැල් වූ අත්
වීසිකළ මා දැල
ඩැහැගනී දිය මත පිපි පුරසඳ

දඩයම් ඇසින් ගැලවුණ
මී වද සැඟවගත්
නොඋස් කඳු මුදුන මෙය වෙද...
මිනිස් පා පහසින්
නොඉඳුල් පරඬලාපත් මත
නැගි සරසරය
බිඟු කැළට දරු නැලවිලි ගීත වූයේද...

බොහෝ සඳවල් දැක
බවුන් වඩනා බුදු පිළිමය
තනිව වැඩ වෙසෙනා
ඈත වන සෙනසුන වෙත
මල් පහන් ගෙන
වන්දනාවේ යන නඩයට
මග එළිය කල සඳමය
දිලිසෙනුයේ ඔවුන්ගේ නිය පොකුරු මත

දියෙහි පාවූ පුර සඳ
උදෑසන ගිලී දියවෙන විට
රත් ලෝදියෙන් පිරි අහසක
ඈත පියඹන විහඟුන්
හුදෙකලා බුදු පිළිමය
ගසක් යැයි රැවටී
විඩා නිවුමට නතරවන නිමේෂය
පිලිම පණගැන්වෙන මොහොතයි.....

එම්. රිෂාන් ෂෙරී‍ෆ්
පරිවර්තනය - අජිත් සී හේරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails