Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



තුරින් තුර හිසග ගිනි රත් මල් රන්දා
රුදුරු ලැවැග මාරුතයට පෙම් බැන්දා
අඳුරු ස්වප්නයක ලදලිය පෙම රන්දා
කඳුළු ගිරිකුළට ඈ ඉනිමං බැන්දා

මලින් මලේ රොන් ගෙන යන බඹරින්ඳු
සවන් තුරේ නිබඳව ගයනා සිංදු
අසත් නොදත් ලදලියකගෙ හද රැන්දු
අසන් මගේ දිවි ගමනය සිත් බැන්දූ

රැය ගැඹරට කඩුපුලක්ය පෙම් බැඳුණූ
කඩුපුලකට බඹර තුඩකි සිත් බැඳුණූ
මල්වර කඩුපුල මලසුන මත හිඳුණූ
මලින් මලේ පෙති මත කඳුළකි රැඳුණූ

සිතත් කයත් එක් හැඟුමට රොද බැඳිණී
රැයේ ගැඹුර හැඟුමට ඉඩ දුන් බැවිණී
අචේතනික හදවත පවකින් පිරිණී
විදසුන් වඩා කෙලෙසුන් ළඟ දණ නැමිණී

සුසන්ත රණවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails