Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සිඳු තරඟ පෙළින් ඔබ
අහස් ගව් සතක් නැග
මොහොතකට නැවතුණෙමි
කඳු මගක නැවතුමෙක

සොවින් බර බිලිඳු වත
බඳු ව ළා සඳ නැගෙත
විඩා හළ දුම්රියෙක
හතිය නැවතුණු බිමෙක

පහල බිම් තල අරා
නැගුණු පැල්පත් රැසකි
අව පැහැය දැල්වෙනා
විදුලි හුළු තැන තැනෙකි

දමිළ වෙණ මෘදංගද
ඇසෙයි නුමුසුව මුසුව
දැවෙන පිටි පූපයක
සුවඳ නැහැ පුඩු මඩිත

පවන් රළ හා වෙළී
මතු ව ඉඳහිට පරොස්
මධු විතෙක අභිමනක්
අතරතුර උස් හඬෙක

නෙක පැහැති දෙව් රූප
පියෙස මත රුවාගෙන
මුනිවතින් කෝවිලක්
දෙව් ඇස ද නිවාගෙන

භරත දේසෙට නැගෙන
මං ලකුණු අහිමි වූ
තේ ළපල්ලට ගෙවුණු
මිනිස් මුළුවකි දැවෙන

උපුල් සේනාධීරිගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails