Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ගේ කුරුල්ලනි උදෑසන
ගෙන නොයන් මා ගම වෙත
උඹලා ම පමණයි හඳුනන්නෙ
මම මේ නුහුරු පුරවරේ
ඉඳිමු අපි පාළුව බෙදා ගෙන

දිය වී ගොසිනි දැන් සීත ඝෘතුව
නමුදු හිරිගඩු පිපෙයි ගත
බාගෙට අවදි වූ හිරු
එබෙයි වීදුරු කවුළුවෙන්

මකර කටකින් රිංගලා
උමං දුම්රිය වෙත යමි
අසුන් මත ඉඳිපිළිම මිස
මිනිස් රූ නම් නොමැත

කරුණාව හා දයාව
තෑවරී තිබෙන
ගමේ දෙබසක
ගලන ලෙන්ගතුකම
පාළු දෙසවන දෝංකාර දෙයි

බොංෂු, පාර්දොං
වියළි වචන වැල්
සීතලේ ගුලිගැසෙනු මිස
ලෙන්ගතුකමෙන් පිපී එන
හිනා කුසුමක් දිස් නොවේ
”ප‍්‍රංශය ප‍්‍රංශුවන්ටයි”
බිත්තියක අකුරුවැල්
මහා හඬින් බෙරිහන් දෙයි

දොර කවුළු වසා ගත්
විසල් මහා ගෙවල් මිස
මිනිස්වාසය සහිත
සිනා හඬ දෝරෙ යන
නිවෙස් නැත කිසි අතක
දෙනෝදාහක් පිරුණු
මේ පාළු පුරවරේ

[මම වෙමි ද නොවෙමි ද නොවෙමි | 1999]

මණ්ඩාවල පඤ්ඤාවංස හිමි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails