Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දෙව්ලොවට අතු විහිඳුනී
යම ලොවට මුල් විහිඳුනී
දසත පතුරා මල් කෙමී
රන් රුවින් මල් පීදුනී

වන ගැබක තණමල් විලේ
පිපුණු සොඳ වනපස මලේ
ගව් සියක් දුර ගෙවමිනේ
සපැමිණිද දෝතට මගේ

හලාහළ විස යැයි කියා
කළා උව නුඹ හට නිගා
පුරා සැලමුතු නුගිනුරා
ඔතා දුන් ඔසුවකි අමා

සදාහරිතය සිහිනයේ
මැවී නෙතු අග බොඳ වෙවී
වලාකුළු මත පා වෙවී
විඩා නිවනුය මා සිතේ

ඉන්දු සයුරේ මුතු ඇටේ
වැලේ වැල් නැති ජනයිනේ
මලේ දුම සුසුමය අපේ
පරාරෝපිත ජීවිතේ

සුමිත් චාමින්ද



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails