Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



හීන් හඬකින්
ඉකිබිඳ
යාන් ඔය සබඳ
සංසාර දුක බෝ කර
සිඳු සොයා ඇදෙන
වියළි ජනපද පොළව
සිප වැළඳ
ගෙවා පසුකර
විතරක්ම දුක

වනස්පතියනට
අධිගෘහිත
රුක් දෙවි වරම් අහිමිව
කේඩෑරී ඉපනැල්ලක
දුක වළඳන
අඳ ගොවි පරවේණියක
ජනපද වැසියනට
සෙත් පිරිත් වදාරණ

සියවස් විසි තිහක
රජ මැති අණසක
බත් කර දුක
දාගැබ් පෙති පිළිම ද
පවුරු පදනම් වාහල් ද
අහස මුදුනට ගෙනගිය
එහෙත් කිසිදින
නිවන් නොපැතුව
කිරුළු නොදැරුව
අඳ ගොවි හිතක
දුකට හඬගා හඬන

කාත් කවුරුත් නොදැක
ගෙවා අපමණ වයස
මහා පෙළපත් පොත් පිටු අතර
වාසගම් නොලියවුණ
ඒත් හැමදා එක විලස
බත් සරි කළ වෙහෙස
පපු කැනතිවල පමණි
සුළකුරු පෙළගැසුණ

අනුරාධ ජයසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails